27 April 2024
#දේශීය

වයඹ ඇළ ව්‍යාපෘති භුමියේ වාහන අමතර‍ කොටස් සොරකම් කළ යුධු හමුදාවේ සෙබළුන් අත්අඩංගුවට

වයඹ මහ ඇළ ව්‍යාපෘතියේ ගලේවෙල මකුළුගස්වැව එගොඩවැව ප්‍රදේශයේ පිහිටි චින සමාගමකට අයත් ව්‍යාපෘතියේ වාහන අලුත්වැඩියා කරන වැඩපොළක රුපියල් විසි ලක්ෂයකට වැඩි වටිනාකමින් යුත් වාහන අමතර කොටස් සොරකම් කළ බව කියන යුධ හමුදා සෙබලෙකු සහ යුධ හමුදාවෙන් පැන ආ සෙබලකු අත් අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය කියයි.

ඉකුත් 12දා මෙම සොරකම් සිදුව ඇති බවට මකුළුගස්වැව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ නියොගය පරිදි මාතලේ අපරාධ විමර්ශන විමර්ශන ඒකකය විසින් මෙම විමර්ශනය කිරිමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට සමත්ව තිබේ.

මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.පෙ සුගත් බණ්ඩාර මහතාට ලැබුණු තොරතරුක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි වු අතර සැකකරුවන් විසින් සොකරම් කරන ලද භාණ්ඩවලින් ‍කොටසක් සොයා ගත් බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් දැනට සේවයේ නියතු යුධ හමුදා සෙබලා වව්නියාව ප්‍රදේශයේ යුධ හමුදා කදවුරකට අනුයුක්තව සේවය කරන අයෙකු බවත් සැකකරුවන් ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයේ පදිංචි අය බවද පොලිසිය කියයි.

සැකකරුවන් මකුළුගස්වැව පොලිසිය මගින් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප සුගත් බණ්ඩාර මහතාගේ මෙහෙයවිමෙන් පො.ප කැළුම් බණ්ඩාර,උ.පො.ප පේමසිරි,උ.පො.ප වනසිංහ,පො.සැ 20249 පේමසිරි,පො.සැ.57143 නවරත්න,පො.සැ 49009 අලුත්ගම,පො.කො 85894 අශෝක,පො.කො.රි 1007 බෝපගේ යන නිලධාරිහු මෙම වැටලිම සිදු කළහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *