• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පලාගලට ජලය දෙන්න ඇමති දුමින්ද දුටු සිහිනයත් සැබෑ වෙයි

9 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පලාගල ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි ඇති ග්‍රාමීය වැව් නිරතුරුවම ජල හිඟයෙන් පීඩාවට පත් වන අතර, එයට පිළියමක් ලෙස දැනට අතහැර දමා ඇති දෙමටගලවැව ප්‍රථිසංස්කරණය කර හැවැන් ඇල්ලඔය හරහා පෝෂක ඇළක් සහ අමුණක් ඉදි කර ග්‍රාමීය වැව් වලට අමතර ජලය සපයාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සම්බන්ධයෙන් අදාළ ස්ථාන නිරීක්ෂණය කිරීමට රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

දෙමටගල රක්ෂිතයේ පිහිටි අතරදමා ඇති ඉපැරණි වැවක් වන දෙමටගල වැව දීර්ඝ කාළයක් භාවිතයට නොගැනීම හේතුවෙන් එහි වැව් බැම්ම කැඩී, වැව ගොඩවී අවභාවිතයට ලක්ව ඇති අතර, එය ප්‍රථිසංස්කරණය කර මොරගොල්ල ඔය හා හැවැන් ඇල්ල ඔය හරහා ගලා යන ජලය හැරවුමකින් ලබා දී දෙමටගල ඉපැරණි වැව ප්‍රථිසංස්කරණය කර තවත් වැව් 36 ක් ජලයෙන් පෝෂණය කිරීමේ හැකියාව පවති.මේ හරහා කුඹුරු අක්කර 2000 කට දෙකන්නයේ ජලය සැපයීමේ හැකියාව පවතියි.මේ සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතා වාරී මාර්ග හා ආපදා කළමණාකරන අමාත්‍යයවරයාව සිටියදී 2017 වර්ෂයේදී කැබිනට් මණ්ඩලයට කුඩා විලච්චිය හා දෙමටගල වැව ප්‍රථිසංස්කරණය කිරීමට සම්බන්ධයෙන් කළ යෝජනාව කැබිනට් මණ්ඩලයෙන් අනුමත කිරීමත් සමගින් එහි ඉදි කිරීම් කටයුතු සඳහා ඇස්තමේන්තු කිරීම ආරම්භ වූ අතර, එහි කටයුතු මේ වන විට අවසන්වී වත්මන් වාරීමාර්ග අමාත්‍යය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත එය නුදුරේදීම ඉදි කිරීමට නියමිතය.

ඒ අනුව අදාළ දෙමටගල ජලාශය ඉදි වන භූමිය හා ඒ සඳහා ජලය සපයා ගැනීමට නියමිත මොරගොල්ල ඔය හා හැවැන් ඇල්ල ඔය රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඇතුළු නිළධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය.මෙම නිරීක්ෂණය සඳහා පලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඒ.වික‍්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන නියෝජතියන්, දෙමටගල ව්‍යාපෘති භාර ප්‍රධාන නේවාසික ඉංජිනේරු ප්‍රසන්න තිලකරත්න මහතා ඇතුළු වාරී මාර්ග දෙපාර්තමේන්තු නිළධාරීන් හා ගම්වාසීන් පිරිසක්ද සහභාගී වූහ.

කිලෝ මීටර ගණනක් මහවන මැද ඇවිද ගොස් අමාත්‍යයතුමන් ඇතුළු පිරිස අදාළ ස්ථාන නිරීක්ෂණය කරනු ලැබූ අතර, ඉදි කිරීම් කටයුතු කඩිනම් කරන ලෙසද ව්‍යාපෘතිය භාර ඉංජිනේරුතුමන්ට අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දුන්හ.

අනතුරුව අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ,

2017 වර්ෂයේ මා වාරීමාර්ග අමාත්‍යයවරයාව සිටියදී ආරම්භ කළා පලාගල ජනතාවගේ විශාල අවශ්‍යතාවක් වෙලා තිබුණ දෙමටගල ජලාශයක් බවට පත් කරලා ඒ හරහා වැව් 36 කට වැඩි ප්‍රමාණයක් ප්‍රථිසංස්කරණය කරන්නත්, එල්ලංගා පද්ධති ක්‍රියාත්මක කරන්නත්, ඒ වගේම මේ ප්‍රදේශයේ ජීවත් වෙන ගොවි ජනතාවගේ වාරී කර්මාන්තය සඳහා අවශ්‍ය කරන ජලයත්, වී වගාව පමණක් නෙමෙයි අමතර භෝග වගාවන් සඳහාත් ජලය ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කළා, නමුත් ආණ්ඩු මාරුවෙන කොට අමාත්‍යංශ මාරු වෙන කොට යම් යම් ව්‍යාපෘති නැවතුනත් වාරී මාර්ග අමාත්‍යයවරයා විදිහට ගරු චමල් රාජපක්ෂ ඇමතිතුමාගේ උපදෙස් මත මේ වැඩ දිගටම කෙරීගෙන යනවා, අපි එතුමාගෙන් වගේම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ හරහා පලාගල විශාල ජනතාවකට, විශේෂයෙන්ම කුඹුරු අක්කර 2000 කට පමණ ජලය ලබා ගැනීමේ පහසුව ලැබෙනවා.ඒ නිසා මේ ව්‍යාපෘතිය ඉදිරි වර්ෂය තුළ මීට වඩා වැඩි මුදලක් ලබා දීලා ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඒ.වික‍්‍රමසිංහ මහතා,

ඇත්තටම අද අපිට බොහෝම සතුටු දවසක්, අපි දේශපාලන මත මොනවා දැරුවත්, අපේ හිටපු වාරී මාර්ග අමාත්‍යය දුමින්ද දිසානායක මැතිතුමා කෘෂිකර්ම හා වාරී මාර්ග ඇමතිවරයා වශයෙන් මේ ප්‍රදේශයට 2017 වර්ෂයේ පැමිණිලා මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අවශය කටයුතු සම්පාදනය කළා, ඒක පලාගල සමස්ථ ජනතාවම දන්නවා මේ ව්‍යාපෘතියේ ආරම්භකයා කවුද කියන එක,එතුමා දැන් නැවත වතාවක් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන වෙලාවේ මේක බලන්නට ඇවිල්ලා, සියලුම ගොවි මහත්වරු එක්ක කථා කරලා, අපේ නායකයෙක් හැටියට, කවදත් ගරු කරපු දිවංගත බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ගේ සංකල්පයක් තිබුණා ඒ වගේම එතුමාට ලොකු ආසාවක් තිබුණා කුඹුරු අක්කර 2000 කට පමණ වතුර දෙන්න, ඒ නිසා අද ඒක මල්ඵල ගැන්විලා තියෙනවා.අපි විශේෂයෙන්ම පලාගල ජනතාව වගේම පලාගල ප්‍රාදේශීය සභාව වශයෙන් බොහෝම ගෞරවෙයන් සිහිපත් කරනවා දිවංගත බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන්ව වගේම හිටපු කෘෂිකර්ම හා වාරී මාර්ග අමාත්‍යයවරයාව සිටි දුමින්ද දිසානායක මැතිතුමා අද ඇවිත් ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් මෙම ස්ථානයට පැමිණිලා මේ කටයුත්ත නිරීක්ෂණය කරලා අවශ්‍යය උපදෙස් ලබා දීලා මේ වැඩකටයුත්ත ආරම්භ කිරීමට ශක්තියක් වීම පිළිබදව ස්තූතිවන්ත වෙනවා යැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්දන දිසානායක මහතා,

ඇත්තටම අපි සතුටු වෙන්නේ අපේ නායකයා,අපිට හැමදාම නායකත්වය දුන්න ඇමතිතුමා, වාරී මාර්ග ඇමතිවයරයාව සිටියදී මේ ප්‍රදේශයේ බහුතරයක් ඉන්න ගොවිජනතාවගේ හඩට ඇහුම්කම් දීලා, ගොවිජනතාවට තිබුණ බරපතල ප්‍රශ්නයක් තමයි ජල ප්‍රශ්නය වගේම වනජීවී ප්‍රශ්න, මේ ප්‍රශ්න වලට විසදුම් හැටියට බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා මේ ජලාශය ආරම්භ කරන්න ගොඩක් උත්සහ කලා යම් යම් අවස්ථා වලදී විවිධ හේතූන් මත අතපසු වුණත් ඒක ඔලුවේ තියාගෙන දුමින්ද දිසානායක මැතිතුමන් වාරීමාර්ග ඇමතිවරයා වුණාට පස්සේ මේක කොහොම හරි කරන්න ඔ්න කියලා හිතට අරගෙන දේශපාලන නියෝජිතයෝ, ගොවි සංවිධාන නියෝජිතයෝ කොළඹට ගෙන්නලා නිළධාරීන් එක්ක සාකච්ජා කරලා, නිළධාරීන් මෙහෙට එවලා, ඇස්තමේන්තු කරන්න මුදල් වෙන් කරලා, පරික්ෂා කරලා, වැව් තිස් ගාණකට වතුර දෙන්න පුලුවන් ව්‍යාපෘතියක් මේක, කහලු කන්ද දිගේම මේ වතුර යනවා, මහවැලි කලාපය දක්වාම මේකෙන් වතුර අරන් යන්න පුලුවන්, හැවැං ඇල්ල ඔය දක්වාම වතුර අරන් යන්න පුලුවන්, හැවැන් ඇල්ල ඔයෙන් ආයෙත් කළාවැවට මේ වතුර ලැබෙනවා.මේක ඉතාම හොඳ ව්‍යාපෘතියක්

දෙමටගල ව්‍යාපෘති භාර ප්‍රධාන නේවාසික ඉංජිනේරු ප්‍රසන්න තිලකරත්න මහතා අදහස් දක්වමින් කියා සිටියේ,

මේ ව්‍යාපෘතිය දෙමටගල ජලාශ ව්‍යාපෘතිය ලෙස නම් කරලා තියෙන්‌නේ, මේ ස්ථානයේ පැරණි වැව් බැම්මක් තියෙනවා, එම වැව් බැම්ම ප්‍රථිසංස්කරණය කරලා, වේල්ලක් හරහා තමයි ජලය ලබා ගන්න යන්නේ, මෙම වේල්ල ඉදි වෙන්නේ මොරගොල්ල ඔය කියන ඔය හරස් කරලා, මෙහි වැව් බැම්ම මීටර 500 ක් පමණ දිගයි.නමුත් මෙය ඉදි කිරීම හරහා පෝෂිත ඇළ මාර්ගයක් ඔස්සේ වැව් 36 කට පමණ ජලය සපයන්න පුලුවන්.මේ හරහා ලොකු වියදමකින් තොරව විශාල කුඹුරු ප්‍රමාණයකට දෙකන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍යය ජලය සපයා දෙන්න මෙම ව්‍යාපෘතිය සැලසුම් කරලා තියෙන්නේ.මොරගොල්ල ඔයේ ජල ප්‍රමාණය ප්‍රමාණවත් නොවන අවස්ථා වලදී හවං ඇල්ල කියන ඔයෙන් අමුණක් තියෙනවා එය ප්‍රථිසංස්කරණය කරනවා.තවත් වැඩිදියුණු කරන ලද උස් අමුණක් ඉදි කිරීම මගින් මෙයට ජල හැරවුමක් කරන්න බලාපොරොත්තු වෙනවා.වාරී මාර්ග දෙපාර්තමේන්තුවේ ගණනය කිරීම් අනුව මෙය ස්ථායි ලෙස දීර්ඝ කාළයක් භාවිත කළ හැකි ලෙස ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා.ඊට අමතරව භූගත ජල මට්ටම පවත්වාගෙන යා හැකි ව්‍යාපෘතියක්.මෙම ව්‍යාපෘතිය වරින් වර සිදු වූ අධ්‍යන කටයුතු සමඟ 2017-2018 වර්ෂ වලදී මෙම ව්‍යාපෘතිය ඉදි කිරීම සඳහා අවශ්‍යය කටයුතු සිදු වූවත් අධ්‍යන කටයුතු සඳහා යම් කාලයක් ගතවීම නිසා, ප්‍රමාදයක් සිදු වූවත්, මේ වන විට එම කටයුතු අවසන් වී ඇති නිසා නුදුරේදීම මෙහි ඉදි කිරීම් කටයුතු ආරම්භ කළ හැකියි.

එහිදී අදහස් දැක්වූ ගොවි සංවිධාන නියෝජිත මහතෙකු කියා සිටියේ,

දුමින්ද දිසානායක ඇමතිතුමා වාරීමාර්ග ඇමතිවරයාව සිටියදී 2017 වර්ෂයේදී මේ ජලාශය ඉදි කිරීමට යෝජනා කළා. ඊට අවුරුදු 70 ක ඉදන් පෙරුම්පුරාගෙන ආපූ හීනයක් මේක. නමුත් ඒ සඳහා අවශ්‍යය කටයුතු කර ගන්න විදිහක් තිබුණේ නෑ, දුමින්ද ඇමතිතුමා හරහා ඒ කටයුතු සඳහා අවශ්‍යය ප්‍රථිපාදන ලැබුණා, අක්කර 2000 ක් විතර වගා කිරීමේ පහසුව මේ හරහා ලැබෙනවා.මේක වනජීවි භූමියක්, වනජීවින්ට බොන්න ජලයවත් නෑ පායන කාලයට, වන අලි ගම්වදින එකට පවා උත්තරයක් වෙනවා මේ ජලාශය නිර්මාණය කිරීම, අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ඇත්තෙන්ම ගොවිජනතාවගේ දුක බලලා මේක කඩිනමින් හදලා දෙන්න කියලා යැයි පැවසීය.

අදාළ ස්ථාන නිරීක්ෂණය කර අදුර වැටී අමාත්‍යයවරයා ඇතුළු පිරිස මහ වනයෙන් එළියට පැමිණියේ නුදුරේදිම පලාගල වැව් නිරතුරුවම ජල හිඟයෙන් පත් වන පීඩාවට විසදුම කඩිනමින් ලබා දෙන බවට පොරොන්දු වෙමින්ය.

ඒ අනුව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායකයන් වාරී මාර්ග ඇමතිවරයා ලෙස පහළමල්වතු ඔය, කුඩාවිලච්චිය හා පලාගල දෙමටගල ජලාශ ව්‍යාපෘතීන් ඉදි කිරීමට අවශ්‍යය කටයුතු සම්පාදනය කළ අතර, තන්තිරිමලය ප්‍රදේශයේදී මල්වතූ ඔය හරස් කර , පහලමල්වතු ඔය ජලාශය ඉදි කිරීම මේ වන විට ආරම්භ වී ඇති අතර, පලාගල ග්‍රාමීය වැව් ජලයෙන් පිරවීමට දෙමටගල ජලාශයද නුදුරේදීම ඉදි වෙන අතර, මහවිලච්චිය ප්‍රදේශයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පිහිටි දැනට අතැරදමා ඇති කුඩාවිලච්චිය වැවද ප්‍රථිසංස්කරණය කිරීමට අවශ්‍යය කටයුතු සිදුවෙමින් පවතී ඒ හරහා විලච්චිය ජනතාවගේ ජල අවශ්‍යතාවද සපුරාලිය හැකියි.

තිසර – අනුරාධපුර

Post Views: 2
Previous Post

සඳහිරු සෑය චෛත්‍ය රාජයානන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සදහා බටලීය ජාතික අනුරූ පාසලේ දායකත්වය

Next Post

විපක්ෂය බලන්නේ රටේ කලබලයක් ඇති කරන්න – ඇමැති ලොකුගේ කියයි

editor

editor

Next Post

විපක්ෂය බලන්නේ රටේ කලබලයක් ඇති කරන්න - ඇමැති ලොකුගේ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved