27 April 2024
#දේශීය

විපක්ෂය බලන්නේ රටේ කලබලයක් ඇති කරන්න – ඇමැති ලොකුගේ කියයි

සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයත් ජේ.වි.පි. එකත් එකතුවී රටේ කලබලයක් ඇති කරන්න කටයුතු කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ කොවිඩ් අර්බුදය යම්කිසි පාලන මට්ටමක පවතින අවස්ථාව තුළ විවිධ වෘත්තිය සමිති සහ දේශපාලන ක්‍රියාකාරීන් සිදුකරන විරෝධතා තුළින් මහජනයා විශාල පිඩාවකට පත් වන බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

එහිදි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අදහස් දක්වමින්, “අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරම්භ කරපු එන්නත් වැඩපිළිවෙල නිසා අද කොවිඩ් අර්බුදය යම්කිසි පාලන මට්ටමකට ඇවිත් තිබෙනවා. හැබැයි විවිධ රාජ්‍ය නොවන ආයතන, සමහර වෘත්ති සමිති එකතු කරගෙන මේය වර්ජනය කරන්න කල්පනා කරන්නේ. ඊයේ අධ්‍යාපාන අමාත්‍යාංශ කාර්යාලය ලඟ උද්ඝෝෂණයක් තිබුණා. අපි අපේ මැතිවරුණ ප්‍රකාශයෙන් කිව්වා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තිබෙන ජාතික අධ්‍යාපන ආයතනය විශ්ව විද්‍යාල මට්ටමට ගේනවා කියලා. ඒවා විශ්වවිද්‍යාල මට්ටමට ගෙනාවේ නෑ කියලා උද්ඝෝෂණය කරනවා. අපි ආණ්ඩුවක් හැටියට පොරොන්දු වුණා විතරක් නොවේ ක්‍රියාත්මක කරනවා. නමුත් ඒ අය දන්නවා මේ කොවිඩ් අර්බුදයත් එක්ක මෙය කරන්න බෑ කියලා. මේ රටේ තිබෙන දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මේ රටේ වෘත්තිය සමිති ව්‍යාපාර සමඟ සාකච්ඡා කරා. අපි ආණ්ඩුවක් හැටියට මේ ආණ්ඩුව පිහිටවන කොට අපි සැම ක්ෂේත්‍රයකම වෘත්ති සමිත ව්‍යාපාරයක් ආරම්භ කරා. අපි ඒ වෘත්ති සමිති තුළ තිබෙන අඩුපාඩු , ඒ අයට ඇතිවී තිබෙන විෂමතා පිළිබඳව සාකච්ඡා කරා. ඒ අනුව තමයි අපි මැතිවරණ ප්‍රකාශය හදනකොට විවිධ ක්ෂේත්‍ර පිළිබඳ සාකච්ඡා කරලා කටයුතු කළේ. අපි ඒවා එකින් එක ක්‍රියාත්මක කරනවා. හැබැයි අද සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයත් ජේ.වි.පි. එකත් එකතුවෙලා බලනවා මේ රටේ කලබලයක් ඇති කරන්න. කලබලයක් ඇතිකරාම ඇතිවෙන්නේ සාමාන්‍ය මහජනයාට විශාල අඩුපාඩුවක්.මොකද අද අපි කාටත් ආර්ථිකය පාලනය කරන්න බැරිව තිබෙනවා. ඒ ලෝක වෙළඳපොළ නිසා රටේ යම් යම් ප්‍රශ්න ඇතිවෙලා තිබෙනවා. ඒ ප්‍රශ්න එකක්වත් අපිට රජයක් හැටියට පාලනය කරගන්න පුළුවන් දෙයක් නොවේ. ලෝක වෙළඳපොලේ ආර්ථිකය කඩා වැටෙනකොට, මිල වැඩි වොනකොට, අපේ රටේ ආදායම් අඩු වෙනකොට, අපිට විශාල ලෙස ගැටළුවලට මුහුණ දෙන්න වෙලා තිබෙනවා. කොවිඩ් ප්‍රශ්නයේදී සජිත් ප්‍රේමදාස මහතා මුල් කාලයේදී කිව්වේ රජයට සල්ලි නැතිව ඉන්නවා කොවිඩ් එන්නත ගේන්න කියලා. දැන් එන්නත ගෙනාවා පමණක් නොවේ ලංකාවේ ජනගහණයෙන් 65% කට එන්නත ලබාදිලා තිබෙනවා. ඒ වැඩපිළිවෙළ නිසා තමයි අද අපි මේ රටේ හුස්ම අරගෙන ඉන්නේ. නමුත් තවත් කණ්ඩායමකට අවශ්‍ය වෙලා තිබෙන්නේ සෞඛ්‍ය නීතිරිති කඩා බිඳ දමන්න. ඒකට තමයි හුඟක් අය විරෝධතා පවත්වන්නේ. තව අවුරුද්දක් හමාරක් යනවා LNG ලබා දෙන්න. අපි විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත් ප්‍රතිපත්තිය තමයි 70% ක් සෝලා විදුලිය දෙන්න . ඒ සඳහා අවශ්‍ය කටයුතු කරලා තිබෙනවා. ආයෝජකයින්ට ආරාධනා කරලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසය වන විට ඒ අයගේ සුදුසු අය තෝරාගෙන ඒ අයට ව්‍යාපෘත්ති භාර දෙන්න. ඒ භාර දෙන ගමන් විදුලබල මණ්ඩලය ලැස්තිවෙනවා ඒ නිපදවන විදුලිය අපේ විදුලි පද්ධතියට අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර් , විදුලි ලයින් ඒ තුළින් 2030 වන විට 70% පුනර්ජනීය විදුලිබලයට යන්න පුළුවන්. හැබැයි ඒවා කඩාකප්පල් කරන්න විවිධාකාරයේ ප්‍රශ්න ඇති කරනවා. නමුත් අපි උත්සහකරන්නේ රටේ ජනතාවට මෙහි ඇති වැදගත්කම පැහැදිලි කරන්නයි.”යැයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *