• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන්ට අධ්‍යාපනය ලබාදෙමින් තම ඉල්ලීම් දිනාගන්නැයි රාජ්‍ය අමාත්‍ය ලාන්සා ගුරුවරුන්ට කියයි

19 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාත්නත්‍රවාදීව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගත හැකි බැවින්, දරුවන්ගේ අධ්‍යාපනය ලබාදෙමින් තම ඉල්ලීම් දිනාගැනීමට කටයුතු කරන්නැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මීගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව යටතේ ක්‍රියාත්මක යටිතල පහසුකම් සංවර්ධන හා ජීවනෝපාය අනුකමිටු රැස්වීම මීගමුව නගර සභා ශාලාවේදී ඊයේ (18) දින පැවැති අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “රජය තීන්දු කරලා තියෙනවා තවදුරටත් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න ඉඩ දෙන්න බැහැ කියලා. මොකද මේක සමාජයට කරන විශාල අසාධාරණයක්. ඒ තරුණ පරපුරට කරන විශාල අසාධාරණයක්. ඒ අසාධාරණය නොකර 21 වෙනිදා පාසල් පටන් ගන්න සහයෝගය ලබා දෙන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ගුරු වෘත්තිය ක්‍රියාමාර්ග සඳහා අපට දෙන්න පුළුවන් සහයෝගය අපි ලබා දෙන්න කටයුතු කරනවා. සල්ලි තියෙනවනම් ඔය ඉල්ලන විදියටම වැඩි කරන්න කැමතියි. දැනට එවැනි තත්ත්වයක් නැහැ. නමුත් ඉදිරියේදී එය සාර්ථක කරගන්න පුළුවන් වෙයිද කියලා බලමු. මතු අනාගත දරුවන් වෙනුවෙන් ආණ්ඩුව හා වෘත්තීය සමිති අතර පැවැත්වෙන සාකච්ජා සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු.

කොවිඩ් වසංගතය නිසා ලෝකයේ සියලුම රටවල් එහි ජීවත් වන ජනතාව ඉතිහාසයේ මුහුණු නොඳුන් අභියෝග රැසකට විවිධ ආකාරයෙන් මුහුණු දුන්නා. ලෝකයේ අනිකුත් රටවල් අභිබවමින් මේ වන විට 60% එහා එන්නත්කරණ සිදු කිරීමට අපට හැකි වුණා. ඒ නිසා රට විවෘත කරන්න පුළුවන් වුණා. මෙම අභියෝගය අපේ රටට පමණක් නොව මුළු ලෝකයටම බලපානවා. විශේෂයෙන් අපේ රටේ ආර්ථිකය කුඩා ආර්ථිකයක් නිසාත්, අපට ලැබෙන ආදායම් මාර්ග සියල්ල අවහිර වී ඇති නිසා බලවත් රටවල්වලට වඩා විශාල ප්‍රශ්න රාශියකට මුහුණුදෙමින්, අභියෝග පසුකරලා තමයි අද රට විවෘත කරල තියෙන්නේ. ඒ අනුව නැවත සුපුරුදු පරිදි මේ රටේ ආර්ථිකය ගොඩනැගීම, ජන ජීවිත ගොඩනැගීම සහ දරුවන්ගේ අධ්‍යාපන නඟාසිටුවන්න උත්සාහ කරන්නේ.

ආර්ථික අභියෝග, වසංගතයේ අභියෝග සියල්ල සමඟ තමයි රජයක් ලෙස අවම සිසුන් සිටින පාසල් විවෘත කිරීමට තීන්දු කරලා තියෙන්නේ. මේ සඳහා ඇති අභියෝගය තමයි මේ වන විට පැවැත්වෙන ගුරු – විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය. එහිදී ඔවුන් ඉල්ලන ඉල්ලීම් කිසිවක් අසාධාරණ ලෙස අපි දකින්නේ නැහැ. ආණ්ඩුවක් ලෙස ඔවුන්ගේ ඉල්ලීම් ලබාදිය යුතුය යන මූලික ප්‍රතිපත්ති තීන්දුව අපි අරගෙන තියෙනවා.

පසුගිය කාලයේදී රට වසා දැමූ නිසා රටේ ආර්ථිකයට ලැබෙන ආදායම් කිසිවක් ලැබුණේ නැහැ. අපගේ ආනයනය අපනයනය ගත් විට වෙළඳ ශේෂය ඩොලර් බිලියන 10ක්. ඉකුත් රජයන් එය ආවරණය කර ගත්තේ සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන තුළින්. සංචාරක ව්‍යාපාරය තුළින් ලැබෙන බිලියන 4ක් ඉකුත් වසර දෙක තුළ ලැබුණේ නැහැ. මේ වසරට ලැබිල තියෙන්නේ මිලියන 25යි. කවුරු ජනාධිපති වුණත්, කවුරු ආණ්ඩු කලත් මේ රටේ සල්ලි ගස්වලින් කඩන්න විදියකුත් නැහැ. වෙනත් විදියකින් ලබාගන්නත් බැහැ.

එම අභියෝගාත්මක කාලය අවසන් කරල තමයි රටේ ජනතාව නඟාසිටුවන්න උත්සාහ කරන්නේ. එහි ප්‍රථම පියවර තමයි දරුවන්ගේ අධ්‍යාපනය. රජයක් ලෙස ගන්නා තීන්දුවලට සමහර අය එකඟ නොවුනත් දරුවන් ගැන හිතලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.

සල්ලි ඇති අයගේ දරුවෝ අද online අධ්‍යාපන ලබනවා. අන්ත අසරණ සහ මැද පන්තියේ අයගේ දරුවන්ගේ අධ්‍යාපනය තමයි කඩාකප්පල් වෙලා තියෙන්නේ. අධ්‍යාපනය සමඟ තමන්ගේ අරමුණු ඉටු කර ගන්න කටයුතු කරන්න එපා. මෙයින් අසාධාරණයට ලක් වන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ.

ගුරු මෑණිවරුන්ට ගුරු පියවරුන්ට විශාල ගෞරවයක් මේ සමාජය තුළ තියෙනවා. දරුවන්ගේ විශාල ආදරයක් ඔවුන්ට තියෙනවා. එම ආදරය සහ ගෞරවය නැති කර ගන්න හදන්න එපා කියන එකයි මගේ ඉල්ලීම. ආණ්ඩුවට මුදල් තිබුණා නම් මෙම වැටුප් ගෙවනවා. ගෙවන්න මුදල් නැත්නම්, ගෙවන්න පුළුවන් කියලා පොරොන්දු දෙන්නේ කොහොමද? ” යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පාසල් ආරම්භයේදී කොවිඩ් වසංගතයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම මෙන්ම ඩෙංගු අවදානම වළක්වා ගැනීමට අවශ්‍ය කැලි කසළ ඉවත් කිරීම හා පාසල් පිරිසිදු කිරීමේ කටයතු සඳහා මීගමුව නගර සභාවේ දායකත්වය ලබාදෙන ලෙස අදාළ අංශ වෙත රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම මෙතෙක් එන්නත්කරණය සිදු නොකළ ගුරුවරුන් සඳහා අවශ්‍ය එන්නත් ලබාදීම ප්‍රමුඛතාවය අනුව සිදු කරන ලෙසද මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

Post Views: 2
Previous Post

විමල්ගෙන් කබ්රාල්ට ලියුමක් …

Next Post

අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්

editor

editor

Next Post

අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved