ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පසුගියදා මෙරට දානපතියන්ගෙන් කල ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් ගම්පහ සහ මීගමුව රෝහල් වෙත වෛද්‍ය උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් ලැබී ඇත.
කොවිඩ් රෝගීන් සදහා හදිසි ප්‍රතිකාර ඒකකයට (ICU) අවශ්‍ය වන්නාවූ නවතම වෙන්ටිලේටර් යන්ත්‍රයක් සිරස ටීවී ආයතනයේ ගම්මැද්ද වැඩසටහනේ මැදිහත්වීමෙන් ගම්පහ රෝහලට පරිත්‍යාග කල අතර සිංගර් ආයතනයේ මැදිහත්වීමෙන් High Dependency Unit සදහා 24000BTU AC යන්ත්‍ර 05ක් පරිත්‍යාග කිරීම සිදුවිය.
ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතා රෝහලට අවශ්‍ය සවුන්ඩ් සිස්ටම් පද්ධතියක් ලබාදීමට කටයුතු කරන ලදි.
එමෙන්ම රාජ්‍ය අමාත්යතුමිගේ මැදිහත්වීමෙන් තවත් වෙන්ටිලේටර් යන්ත්‍ර 02ක්, සියලු උපාංග සහිත මල්ටි පැරා මොනිටර්ස් 02ක්, සියලු උපාංග සහිත ඉන්ෆියුෂන් පම්ප් 03ක්, සියලු උපාංග සහිත සිරින්ජ පම්ප් 05ක්, සියලු උපාංග සහිත හයි ෆ්ලෝ ඔක්සිජන් සිස්ටම් 02ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය කරමින් ගම්පහ රෝහල වෙත ලබාදීමට කටයුතු කරන ලදි.
මීගමුව රෝහල සදහා ඩයලොග් ආයතනය සමග දෙරණ ආයතනයේ මනුසත් දෙරණ වැඩසටහනේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 04ක් වටිනා භාණ්ඩ රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝගීන් සදහා පරිත්‍යාග කරන ලදි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කර සිටියේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් අවශ්‍ය වන්නාවූ හදිසි ප්‍රතිකාර ඒකකය සහ හයි ඩිපෙන්ඩන්සි ඒකකය කඩිනමින් ආරම්භ කිරීමට හැකියාව ලැබුණේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දායකත්වය මත බවයි.
මෙම අවස්ථාවට කැපිටල් මහරාජා ආයතනයේ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියල්, සිංගර් ආයතනයේ අලෙවි අධ්යක්ෂ ශනිල් පෙරේරා, අධ්යක්ෂ මානව සම්පත් රොෂාන් කුලසූරිය, ගම්පහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරු,ම, වෛද්‍ය නීලන්ග , මනුසත් දෙරණ ව්‍යාපෘති අධ්යක්ෂ මහේෂ් ජයවර්ධන, මීගමුව රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය නිර්මලා ලෝගනාදන්, නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චින්තක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය.