27 April 2024
#දේශීය

චීන එන්නත් තිස් ලක්ෂයක් මෙරට රජය මිලට ගනී

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තිස් ලක්ෂයක් මිලදී ගැනීමට ඇණවුම් කර ඇති බවත් ඉදිරි සතියේ එය ලැබෙන බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

එසේම වීරතුංග මහතා කියා සිටියේ සයිනොෆාම් එන්නත් පන් ලක්ෂයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව චීන ජනාධීපති ෂි ජීං පින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බවයි.

එම පරිත්‍යාග කරන එන්නත් තොගය ලබන ඉරිදා (23) මෙරටට ලැබෙනු ඇති බව හෙතෙම පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *