• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සංවර්ධන සැලසුම් යාවත්කාලීන කරන්නැයි ඇමැති ප්‍රසන්නගෙන් බලධාරීන්ට උපදෙස්

3 January 2024
in පුවත්, සංවර්ධන
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සංවර්ධන සැලසුම් කඩිනමින් යාවත්කාලීන කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අමාත්‍යවරයා කියා සිටියේ වර්තමානයට ගැලපෙන පරිදි මෙම නගර සංවර්ධන සැලසුම් යාවත්කාලීන විය යුතු බවයි.

එම අධිකාරිය විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන සංවර්ධන සැලසුම් සංඛ්‍යාව සම්බන්ධයෙන් තමන් කිසිසේත් සැහීමකට පත් නොවන බව හෙතෙම පැවසිය.

1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ ස්ථාපිත කර ඇති නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්ය වන්නේ නාගරික සංවර්ධන බල ප්‍රදේශ වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රදේශ සඳහා ආර්ථික, සාමාජීය, පාරිසරික හා භෞතික වශයෙන් ඒකාබද්ධ වූ සංවර්ධන සැලසුම් සකස් කිරීමයි.

මේ වනවිට නාගරික සංවර්ධන අධිකාරිය පළාත් පාලන ආයතන 276ක් නාගරික ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඉන් පළාත් පාලන ආයතන 87ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

2021 සහ 2022 වර්ෂයන්හි සංවර්ධන සැලසුම් 31ක් ගැසට් කර ඇති අතර 2023 වසරේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත්තේ සංවර්ධන සැලසුම් 12ක් පමණි.

ඉදිරියේදී වසරකට සංවර්ධන සැලසුම් 22 බැගින් සැලසුම් 163ක් සකස් කිරීමට අවශ්‍ය ඉලක්කයක් මේ වනවිට විෂයභාර ඇමතිවරයා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී තිබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව කොළඹ ඇතුළු බස්නාහිර ප්‍රදේශ මහ නගර සැලැස්ම, හම්බන්තොට මහ නගර සැලැස්ම, නැගෙනහිර පළාත් සංචාරක කලාපයට අදාළ සැලසුම් සකස්කිරීම මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවයි.

ඊට අමතරව නුවරඑළිය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ විසල් මහනුවර සැලසුමද මෙම වසරේදී එළිදැක්වීමට කටයුතු කරගෙන යන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ 2024 – 2026 දෙවසර තුළ සංවර්ධන සැලසුම් 66ක් ගැසට් කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ අතරට මහනගර සභා 6ක්, නගර සභා 14ක්, ප්‍රාදේශීය සභා 46ක් ඇතුළත් බවද අමාත්‍යවරයා පවසයි.

දැනට ප්‍රකාශයට පත්කර ඇති ඇතැම් සංවර්ධන සැලසුම්වල ගැටළු සහගත තත්ත්වයන් පවතින බව කී අමාත්‍යවරයා එම ගැටළු කඩිනමින් විසඳාගැනීමෙන් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ප්‍රමාදයන් වළක්වාගත හැකි බවද පැවසීය.

1999 වසරේ සිට 2023 සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලයතුළ පළාත් පාලන ආයතන 87ක් ආවරණය කරමින් පැරණි කල් ඉකුත් වූ සංවර්ධන සැලසුම් හා සංශෝධිත සැලසුම් 56ක් නැවත ප්‍රකාශයට පත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

Post Views: 27
Previous Post

ජාතික සම්මානයට පාත්‍ර වෙමින් සදාහරිත සමාගම SLIM NASCO සම්මාන රාත්‍රිය වර්ණවත් කරයි

Next Post

අනගාරික ධර්මපාලතුමන්ගේ භෂ්මාවශේෂ මංජුසාව හමුවේ

editor ttvnews

editor ttvnews

Next Post
අනගාරික ධර්මපාලතුමන්ගේ භෂ්මාවශේෂ මංජුසාව හමුවේ

අනගාරික ධර්මපාලතුමන්ගේ භෂ්මාවශේෂ මංජුසාව හමුවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved