27 April 2024
#දේශීය

අනගාරික ධර්මපාලතුමන්ගේ භෂ්මාවශේෂ මංජුසාව හමුවේ

1933 අප්‍රේල් මස 29 වැනි දින අපවත් වී වදාළ සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කළ ඉපැරණි මංජුසාව මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාර භූමියෙන් නැවත හමු වී ඇතැයි වාර්තා වේ.

සිරි දේවමිත ධම්මපාල හිමියන්ගේ ප්‍රථම පිළිරුව ස්ථාපනය කිරීම සඳහා නව ඉදිකිරීම් කටයුතු කරමින් පැවතිය දී පසුගිය පළමුවැනිදා මෙම භෂ්මාවශේෂ මංජුසාව හමු වූ බව අග්‍රශ්‍රාවක ධාතු තේවා වන්දනාව භාර අම්බුලගල සුමංගල හිමියෝ පවසති.

මෙම භෂ්මාවශේෂ මංජුසාවට මේ වනවිට වසර අනුවක් පමණ වන බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මංජුසාව තැන්පත් කර අභිනවයෙන් ඉදිකරනු ලබන සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ පිළිරුව ස්ථානගත කරන බව සුමංගල හිමියෝ වැඩිදුරටත් පවසති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *