• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇතැම් රාජ්‍ය නිළධාරින් පරණ වාර්තාවම යළි කමිටුවලදී ඉදිරිපත් කරන බව ඇමති ප්‍රසන්නගෙන් චෝදනා

25 May 2023
in දේශීය

ඇතැම් රාජ්‍ය නිළධාරින් මීට මාස කිහිපයකට පෙර පැවති සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කළ වාර්තාවම තවත් මාස කිහිපයකින් යළිත් ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

එමෙන්ම තවත් නිළධාරින් පිරිසක් විෂය ගැන අවබෝධයක් නොමැති, වගකීමක් භාරගත නොහැකි පිරිස් රැස්වීම් සඳහා සහභාගී කරවන බවද හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා අවධාරණය කළේ නිළධාරින් නිවැරිදි තොරතුරු ලබා නොදෙන විට ප්‍රශ්න විසඳාගෙන වැඩකිරීම අසීරුවන බවයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “ පළාත් පාලන ආයතනවල ප්‍රමුඛ කාර්යය ඩෙංගු රෝගය පාලනය කිරීමයි. ඒ සදහා තමන්ගේ සැලසුම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාට ලබා දෙන්න. එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුහුණ දෙන ප්‍රශ්න විසදන්න පුළුවන්. විශේෂයෙන්ම ඔවුන්ගේ රාජකාරි කටයුතු වලදී ඉන්ධන අර්බුදයකට මුහුණ දෙන බව කිහිප දෙනෙක්ම මට කිව්වා.ඒ වගේම රාජකාරි කටයුතුවලට අවශ්‍ය වාහන ලබාදෙන ඒවට අපිට මැදිහත් වෙන්න පුළුවන්. සෞඛ්‍ය නිළධාරින්ගේ රාජකාරි කටයුතු සඳහා ඉන්ධන ලබාදීමේ සීමාවක් නැහැ. සැලසුම් ලබා දුන්නම අපිට ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන්.ඒ වගේම ඩෙංගු මර්දන රාජකාරි කටයුතුවල යෙදෙන නිළධාරින් වෙනත් රාජකාරි කටයුතුවලට යොදවන්නත් එපා. සමහර රාජ්‍ය නිළධාරින් පසුගිය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරපු වාර්තාවම මේකටත් ඉදිරිපත් කරනවා.අපිට හරි වාර්තා ලබා දෙන්න.එතකොට ප්‍රශ්න විසඳගෙන වැඩ කරන්න පුළුවන්.නිළධාරින් කරන වැඩ නිසා බැණුම් අහන්නෙ අපියි. ඩෙංගු මර්දන කටයුතුවල තනියම යෙදෙන්න අමාරුයි. ජනාධිපතිතුමා විසින් ග්‍රාම කමිටු පිහිටුවල තියෙනවා.ඒ කමිටුවල ග්‍රාම නිළධාරි ඇතුළු රාජ්‍ය නිළධාරින් ඉන්නවා.තව ස්වෙච්ඡා සංවිධානත් තියෙනවා.ඒ අයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ කරල දෙන්න.එතකොට අපිට මේ ඩෙංගු මර්දන වැඩේ කරන්න ලේසියි.එක නිළධාරියෙක්ට විතරක් මේ වැඩේ කරන්න අමාරුයි.ඒ වගේම ජනතාවත් සම්බන්ධ කරගන්න.ජනතා සහභාගීත්වය නැතුව වැඩ කරන්න ගියාම චෝදනා එනවා. ඒ වගේම කොරෝනා වයිරස ව්‍යාපෘතිය ගැනත් මාධ්‍ය වාර්තා පළවෙනවා. සමාජ මාධ්‍යයේ පළවෙන ඒව දැක්කම අපිත් බය වෙනවා. මේ ගැන වෛද්‍යවරුන් එක එක කතා කියනවා. අරගලය පටන්ගන්න කලිනුත් මේ වගේ එක එක කතන්දර කිව්වා.එහෙම කරන්නේ මිනිස්සු එකතුකර ගන්න.මේව පිටිපස්සෙ වෘත්තීය සමිතිත් ඉන්නවා. ඒ නිසා පොලීසිය මේව ගැන දැඩි අවධානයෙන් ඉන්න ඕන. ඒ වගේම මේ සෞඛ්‍ය තත්ත්වයන් ගැන සෞඛ්‍ය අංශ රටට මේ ගැන ප්‍රකාශ කරන්න.එහෙම නොවුනොත් මිනිස්සු බයවෙලා නැති ප්‍රශ්න ඇති වෙනවා. පළාත් සභාවේ සමහර නිළධාරින් රැස්වීම් වලට සහභාගී වෙන්නෙ නෑ. හරි තොරතුරු දන්නේ නැති වගකීමක් ගන්න බැරි නිළධාරින් මේවට සහභාගී කරවල වැඩක් නැහැ.එවැනි නිළධාරින් ගැන ආණ්ඩුකාරතුමා තීරණයක් ගනීවි.ගුරු කේෂ්ත්‍රයේ ප්‍රශ්න රාශියක් තියෙනවා.බස්නාහිර පළාතේ ගුරු පුරප්පාඩු රාශියක් තියෙනවා.ඒ පුරප්පාඩු සදහා උපාධිධාරීන් යොදවන්න.ඒ අය ස්වේච්ඡාවෙන්ම වැඩ කරයි.ස්ථීර පත්වීම් ලබාදෙන කොට ඒ අයට ප්‍රමුඛතාව දෙන්න.ආණ්ඩුකාරතුමන් මෙතන ඉන්න නිසා අපි ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනිමු. මේ ගැන අධ්‍යාපන ඇමතිතුමා එක්කත් කතා නරන්නම්.මම පළාත් සභාවෙ ඉන්න කාලේ එහෙම වැඩ කළා. මාර්ග ධාවන බලපත්‍ර නැතුව සමහර මාර්ගවල බස්රථ ධාවනය වන බවට පැමිණිලි ලැ⁣බෙනවා.ධාවන බලපත්‍ර නැතුව බස්රථ ධාවනය කරන්න බැහැ. එහෙම ධාවනය කරන බස්රථ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න “ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,සම්බන්ධීකරණ කමිටු සභාපති සහන් ප්‍රදීප් විතාන,රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ, ආරක්ෂක ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Post Views: 11
Previous Post

පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ නව නිපැයුම් කුසලතා මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට

Next Post

පොසොන් පොහොය දින දිවයිනේ සියලුම මත්පැන් හල් වසා තැබේ

editor

editor

Next Post

පොසොන් පොහොය දින දිවයිනේ සියලුම මත්පැන් හල් වසා තැබේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved