27 April 2024
#දේශීය

පොසොන් පොහොය දින දිවයිනේ සියලුම මත්පැන් හල් වසා තැබේ

පොසොන් පොහොය නිමිත්තෙන් එළැඹෙන 03 වන පොසොන් පුර පසලොස්වක් පොහෝ දින දිවයින පුරා පිහිටි සියලුම ත්පැන් හල් වසා තැබීමට නියෝග කර ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

එසේම රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව 2023. 05. 31 වන දින සිට 2023. 06. 06 වන දින දක්වා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රකාශයට පත්කොට ඇති පොසොන් සතිය තුල අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලූම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් එම දිනයන් හිදී වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.

ඒ අනුව එම දිනයන්හි දී සිය සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමට කටයුකු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *