• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් අද රටේ තිබෙනවාද යන්න සලකා බැලිය යුතුයි – ඇමති ප්‍රසන්න

21 November 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින ආර්ථික තත්ත්වය මත මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් අද රට තුළ තිබෙනවාද යන්න සලකා බැලිය යුතු යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ, කටුනායක, දකුණු කුරණ වසමේ ඉදිකළ නව බහුකාර්‍ය ගොඩනැගිල්ල සහ කායවර්ධන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (20) දින සහභාගී වෙමිනි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව රට ගැනීමට කටයුතු කරමින් සිටින විට අභියෝග භාර ගත නොහැකි විපක්ෂයේ පිරිස් රට තව තවත් අරාජික කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද පැවසීය. “විපක්ෂයේ සිටින බොහෝ දෙනෙක් චෝදනා කරනවා අපි බලයට ආවට පස්සේ කෙටි කාලයක් තුළ රට බංකොලොත් වුණා කියලා. නමුත් එහෙම චෝදනා කරන බොහෝ අයගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් පාර්ලිමේන්තුවේ වසර ගණනක් හිටියා. අපි එදා 2019 බලයට එද්දී දැන ගෙන හිටියා, 2020 – 2021 වන විට රටේ ආර්ථික අර්බුදයක් එන බව. අපි විතරක් නෙමෙයි විපක්ෂයත් ඒක දැනගෙන හිටියා. ඒ නිසා තමයි බලයට ආපු ගමන් ආණ්ඩුවක් ලෙස අවශ්‍ය තීන්දු තීරණ ගත්තේ. මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දෙන එක නතර කළා. පිටරටින් අනවශ්‍ය භාණ්ඩ ගෙන ඒම නතර කළා. විපක්ෂය රටේ ඇති වුණු අර්බුදකාරී තත්වයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න උත්සහ කළා. කොවිඩ් වසංගතය සමග රට වසා දැමීම නිසා රටට සංචාරකයින් පැමිණීම නතර වුණා. විදේශ ශ්‍රමිකයින්ගේ රැකියා අහිමි වීම නිසා ඔවුන්ගෙන් එන විදේශ මුදල් නැති වුණා. විදේශ මුදල්වල ගැටළුවක් ආවා. ඒ නිසා අපට අවශ්‍ය භාණ්ඩ හා ඖෂධ ආනයනය කරන්න බැරි වුණා. බඩු මිල ඉහළ ගියා. පැවති දේශගුණික තත්ත්වය මත පැය 13 ක් පමණ විදුලිය කප්පාදු කළා. මේ නිසා ජනතාවට අමාරු කාලයකට මුහුණ දෙන්න සිදු වුණා. මෙම තත්ත්වය මත රට තුළ අරගලයක් ආවා. මිනිස්සු මැරුවා. ගෙවල් ගිනි තිබ්බා. අරගලය වෙනත් පැත්තකට යොමු වුණා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට එන්න බැරි පිරිස අරගලයට මුවා වෙලා ජනතාව සහ ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියට දාලා රටේ කලබලකාරී තත්ත්වයක් හදලා බලයට එන්න උත්සහ කළා. ඒ අය තමයි දැන් ඡන්දයක් ඉල්ලන්නේ. මේ වෙලාව ඡන්දයක් ඉල්ලන වෙලාවක්ද ? රටේ ජනතාවට අවශ්‍ය වුණා සිස්ටම් චේන්ජ් එකක්. නමුත් සිදු වුණේ ඒක නෙමෙයි. අර්බුදයක් ආවාම ඒකට දොස් කියන එකට අපි එකගයි. අර්බුදයෙන් රට ගොඩ ගන්න ජනාධිපතිතුමා ඉවත් වුණා. අගමැතිතුමා ඉවත් වුණා. ඇමතිවරු ඉවත් වුණා. අපි කිවුවා බහුතර බලය අපිට තිබ්බට කමක් නෑ, රට ගොඩ ගන්න පුළුවන් කෙනෙක් බාර ගන්න කියලා. නමුත් මේක භාර ගන්න හැමෝම භය වුණා. විපක්ෂයේ ඉන්නේ අභියෝග බාර ගන්න භය නායකයින් පිරිසක්. තනි පුද්ගලයෙන් විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක බාර ගන්නකොට අපි කොන්දේසි විරහිතව එතුමට සහය දෙන්න තීරණය කළා. පක්ෂයක් ලෙස ඒ කැප කිරීම සිදු කළා. මම තරම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට බැනපු කෙනෙක් නැතුව ඇති. ප්‍රතිවාදියා සමග එකට වැඩ කරන්න පුළුවන් සිස්ටම් චේන්ජ් එකට අපි අනුගත වුණා. අපි ඒ කටයුත්ත කළා. අපිට අවශ්‍ය වුනේ රටේ ජනතාව මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩ ගන්න පුළුවන් නායකයෙක්ව මෙතැනට ගේන්න. අද අපි ඒක කරගෙන තිබෙනවා. දැන් සංචාරකයින් රටට එන්න පටන් අරගෙන තිබෙනවා. දැන් ආයෙත් සමහරු අරගල කරන්න පටන් අරන්. රටේ අර්බුදකාරී තත්ත්වයක් තියෙනකොට කිසිම සංචාරකයෙක් රටට එන්නේ නැහැ. රටේ අර්බුදයක් ඇති කරන්න අද ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් නායකත්වය දෙනවා. මේක රට ගැන හිතන්න ඕනි වෙලාවක්. අභියෝග භාර ගන්න බැරි මිනිස්සු රට තව තවත් අරාජික කරන්න කටයුතු කරනවා. අපි අභියෝගය බාර ගෙන රට ගොඩ ගන්න කටයුතු කරමින් සිටින විට අභියෝග බාර ගන්න බැරි, බල පිපාසයෙන් ඉන්න පිරිස දැන් විවේචන කරන්න පටන් අරගෙන. මේ මොහොතේ අපි රටේ ජනතාව ගැන හිතලා වැඩ කරන්න අවශ්‍යයි” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

කටුනායක සීදුව නගර සභාවට අයත් ඉඩමක මෙම දෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකර තිබේ. පහළ මහලේ කටුනායක සීදුව නගර සභා කාර්යාලය, ආර්ථික සංවර්ධන නිළධාරී, ග්‍රාම නිළධාරී, සමෘද්ධි නිළධාරී ඇතුළු රාජ්‍ය නිළධාරීන් සදහා කාර්යාල ඉදිකර ඇති අතර ඉහළ මහලේ කායවර්ධන මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

කටුනායක සීදුව නගර සභාවේ ප්‍රතිපාදන මත මේ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 35 කි. කායවර්ධන මධ්‍යස්ථානයේ උපකරණ සදහා රුපියල් මිලියන 10 ක් වැය කර ඇත. 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර මාස 8 ක් තුළ මෙහි වැඩ අවසන් කර තිබේ.

මෙම අවස්ථාවට හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිස්චන්ද්‍ර, කටුනායක සීදුව නගර සභාවේ චමිත් නිශාන්ත ප්‍රනාන්දු, එහි උප සභාපති ලලිත රොහාන් සිල්වා, එහි ලේකම් එස්.ඒ.කේ.එන්. ඉන්ද්‍රජිත් යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් එක් විය.

Post Views: 2
Previous Post

LPL 2022 නිල විකාශන අයිතිය අද දෙරණ 24 නාලිකාවට

Next Post

රාජ්‍ය සම්පත් විකුණා “ණයට අරන්- සැපට කෑමේ ගමන” නව වටයකින් ඇරඹීමටයි ජනාධිපති සැරසෙන්නේ -හිටපු අමාත්‍ය, විමල් වීරවංශ

editor

editor

Next Post

රාජ්‍ය සම්පත් විකුණා "ණයට අරන්- සැපට කෑමේ ගමන" නව වටයකින් ඇරඹීමටයි ජනාධිපති සැරසෙන්නේ -හිටපු අමාත්‍ය, විමල් වීරවංශ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved