• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දේදී පෙනි සිටින්නේ පොහොට්ටුවේ ජය මිස තමාගේ ජයග්‍රහණයක් වෙනුවෙන් නෙමෙයි – ඇමැති ප්‍රසන්න

29 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තමන් මැතිවරණවලදී පෙනී සිටියේ පොහොට්ටුවේ ජයග්‍රහණ වෙනුවෙන් මිස තම ජයග්‍රහණය වෙනුවෙන් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) දින ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනයේ ශාඛා සමිති ප්‍රතිබල ගැන්වීම හා සාමාජිකත්ව ප්‍රවර්ධනය කිරීමේ සාකච්ඡාවට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය වෙන්නෙ ගම්මට්ටමේ පාක්ෂිකයන්ගේ ශක්තියෙන්. පක්ෂ නායකයො එකතුවෙලා, පක්ෂයක් පිහිටුවල, ගම්මට්ටමේ සාමාජිකයන් බඳවගෙන කටයුතු කරපු පක්ෂයක් නෙමෙයි මේක. එක ගමකින් සාමාජිකයන් දහදෙනා බැඟින් බඳවාගෙන, ඒ දහදෙනාට තව දහදෙනක් බඳවගන්න කියල, ශාඛා හදල තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෝෂණය කළේ. දැන් කවුරු කයිය ගැහුව්වත් 2015 දී සංවිධානය කරපු නුගේගොඩ වේදිකාවට ගොඩවෙන්න කවුරුවත් හිටියෙ නෑ. පළාත් මහ ඇමතිවරුන් මහින්ද මහත්තය දාල යනකොට මහ ඇමතිවරයෙක් විදියට මම විතරයි එදා වේදිකාවට නැග්ගෙ. මට ඒ ශක්තිය දුන්නෙ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරු ටිකයි, පළාත් පාලන මන්ත්‍රීවරු ටිකයි. එදා ඒ කණ්ඩායම හිටියෙ නැත්නම් මටත් එහෙම හයියක් එන්නෙ නැහැ. මහින්ද සුළඟ රැස්වීම් මාලාව රට පුරාම සංවිධානය කළේ පළාත් පාලන මන්ත්‍රීවරුයි. පක්ෂයේ ශාඛවන් පිහිටෙව්වෙ ඔවුන්. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපිට ලොකු අයිතියක් තියෙනව පක්ෂය රැක ගන්න. මහින්ද මහත්තය දේශපාලනයට එනව කිව්වම බැසිල් රාජපක්ෂ මහත්තයගේ සංවිධාන ශක්තියෙන් රටපුරාම පක්ෂය ගෙනිච්චා. ඒ සංවිධාන ශක්තිය නිසා තමයි ජනාධිපතිවරණය 69 ලක්ෂයකින් ජයග්‍රහණය කරල, පාර්ලිමේන්තු මැතිවරණය තුනෙන් දෙකකින් ජයගන්න අපිට පුළුවන් වුනේ. අවාසනාවට මේ රටට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වුණා.ඒක අපි නිසා ඇතිවුණ දෙයක් නෙවෙයි. තිස් අවුරුදු යුද්ධය නිසා රටේ ආර්ථිකය විනාශ වුණා. 83 කළු ජූලිය,88/89 භීෂණය, අරගලය නිසා, ස්වභාවික විපත් නිසාත් ආර්ථිකය විනාශ වුණා. රාජ්‍ය දේපළ විනශ වුණා. විශේෂයෙන්ම 88/89 භීෂණයට මුහුණ දුන්නේ කොහොමද කියල ජනතාවට මතක ඇති. පස්සෙදි කොරෝනා වසංගතයත් එක්ක මුළු රටම වහන්න අපිට සිද්ධ වුණා. එතකොට කිව්ව රට වහන්න එපා කියල. නැවත රට අරින්න හදනකොට කිව්වා මිනිස්සු මැරෙයි රට අරින්න එපා කියල ආණ්ඩුවට බලපෑම් කළා. හැබැයි එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තය මේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත ආරක්ෂා කරගන්න එන්නත් දීලාතමයි රට විවෘත කළේ. ඒව දැන් මතක නැහැ. රටේ ආර්ථිකය කඩාගෙන වැටුණේ අපි හින්ද නෙමෙයි. රුසියානු – යුක්රේන් යුද්ධය නිසා බොහෝ රටවලට බලපෑම් එල්ල වුණා. කොවිඩ් වසංගතයෙන් පස්සේ රටට සංචාරකයන් නැවත එන්න පටන්ගන්න කොට අරගලය පටන් ගත්තා. ජනාධිපතිවරණය දිනල, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හදාගෙන ජනතාව බළාපොරොත්තු වෙන තැනට රට ගෙනියන්න හදනකොටම පටන්ගත්ත අරගලය නිසා පොහොට්ටු පාක්ෂිකයන්ට මුහුණ දෙන්න වෙච්ච දේවල් ගැන අපිට අවබෝධයක් තියෙනවා. අපේ ගෙවල් ගිණි තියල, අපිට ගැහුව්වට පක්ෂය නැඟිටිමින් ඉන්නවා. මේ රටේ තියෙන දේශපාලන පක්ෂවලින් ශක්තිමත්ම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. අරගලයත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ නැගිටගෙන ආවා. එදා ගම්වල හැඳුනුම්පත් එකතුකරපු, බැංකු කඩපු, බස් ගිණි තියපු අය ඒ පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්න ආවා. දැන් ඒ අය කෝ. මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයට දොස් කියන්නේ නැහැ. අපේ ගෙවල් ගිණි තියල මිනිස්සු වැරදි විදියට නීතිය අතට ගන්න කොට එතුමා මිනිස්සුන්ට ගහන්න, ගෙවල් ගිණි තියන්න අණ කළේ නැහැ. එතුමා ඉතාම සාමකාමීව තනතුරින් ඉවත්වෙලා ගෙදර ගියා. මහින්ද මහත්තයා, ගෝඨාභය මහත්තය තනතුරුවලින් ඉවත්වෙලා ගියාම අපි පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ නායකයන්ට ආරාධනා කළා රට භාරගන්න කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තය විතරයි මේ අභියෝගය භාරගන්න ඉදිරිපත්වුණේ. ඒ වෙලාවෙදි අපි පක්ෂයක් විදියට තීරණය කළා එතුමට උදවු කරන්න. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති කරන්න වගේම, ජනාධිපති කරන්නත් අපිට පුළුවන් වුණා. ජනතාව ‍ඉන්ධන, ගෑස් පෝලීම්වල හිටියා. බඩු භාණ්ඩු හිඟ වුණා. වසරක් ඇතුළතදි රට යථා තත්ත්වයට ගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට පුළුවන්කම ලැබිල තියෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසිය.

Post Views: 12
Previous Post

මෙරට බලශක්ති ක්ෂේත්‍රවල ආයෝජන ගැන චීන වාණිජ මණ්ඩලය දැනුවත් කෙරේ

Next Post

සුරැකුම් සහයක පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ උතුරුමැද පිරිසට සහතික පත්‍ර ලබා දෙයි

editor

editor

Next Post

සුරැකුම් සහයක පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ උතුරුමැද පිරිසට සහතික පත්‍ර ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved