• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

77 වන ලෝක සෞඛ්‍ය සභාවට ශ්‍රී ලංකාවෙන් ඇමැති රමේෂ් පතිරණ මහතා සහභාගි වෙයි

29 May 2024
in දේශීය, පුවත්
77 වන ලෝක සෞඛ්‍ය සභාවට ශ්‍රී ලංකාවෙන් ඇමැති රමේෂ් පතිරණ මහතා සහභාගි වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

77 වන ලෝක සෞඛ්‍ය සභාව (Seventy-Seventh World Health Assembly) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සහභාගි විය.

මෙය 2024 මැයි 27 සිට ජූනි 1 දක්වා පැවැත්වේ.

ලෝක සෞඛ්‍ය සභාව සදහා සහභාගි වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමුළුවේ දී අදහස් දක්වමින් කියා සිටියේ මෙරට ආඝාත රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වන බවත්, ඒ අතරම, මාර්ග අනතුරුවලින් අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූ රෝගීන් විශාල ප්‍රමාණයක් ද හමුවන බවයි.

එහිදී පුනරුත්ථාපන අංශය දිගුකාලීනව ඉතා වැදගත් දෙයක් බව අමාත්‍යවරයා කියා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂ (Regional Director for World Health Organization South-East Asia Region) සයිමා වසෙඩ් මහත්මිය (Ms. Saima Wazed) 77 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව පැවැති ද්විපාර්ශ්වික රැස්වීමකදී මෙරට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හමුවී සාකච්ඡා සිදු කළ අතර, ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් හරහා විශ්වීය සෞඛ්‍ය ආවරණය අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ මුලපිරීම් පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය. සාකච්ඡාවට ලක් වූ ප්‍රධාන කරුණු අතර ළමා එන්නත්, ප්‍රසව හා මාතෘ සෞඛ්‍යය, රෝගීන්ගේ ආරක්ෂාව සහ සහන සත්කාර යන අංශයන් ද විය.

සෞඛ්‍ය සභාව විවෘත වූයේ බොට්ස්වානාහි වෛද්‍ය එඩ්වින් ඩිකොලෝටි (Dr Edwin Dikoloti) සෞඛ්‍ය සභාවේ සභාපති ලෙස තේරී පත්වීමෙනි. උප සභාපතිවරුන් ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ගයනාවේ ආචාර්ය ෆ්‍රෑන්ක් සී.එස්. ඇන්තනි (Dr Frank C.S. Anthony), කොරියානු ජනරජයේ ආචාර්ය යංග්මී ජී (Dr Youngmee Jee), මෝල්ඩෝවා ජනරජයේ ආචාර්ය ඇල නෙමරෙන්කෝ (Dr Ala Nemerenco) සහ සෝමාලියාවේ ආචාර්ය අලි හාජි ඇඩම් අබුබකර් (Dr Ali Haji Adam Abubakar) තේරී පත්විය.

මෙවර සෞඛ්‍ය සභාවේ තේමාව වන්නේ “සියල්ල සෞඛ්‍ය සඳහා, සැමට සෞඛ්‍යය” (All for Health, Health for All) යන්නයි. ලෝක සෞඛ්‍ය සමුළුවේ (WHA 77) නියෝජිතයින් දේශගුණික විපර්යාස කෙරෙහි අවධාරණය කරමින්, සියලු මිනිසුන් සඳහා සෞඛ්‍යය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම, සැපයීම සහ ආරක්ෂා කිරීම, වයස්ගත වීම, සංක්‍රමණය, වසංගත තර්ජන සහ සමානාත්මතාවය පිළිබදව ද සාකච්ඡා සිදු කරන්නට විය. ලෝක සෞඛ්‍ය සභාව යනු ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණ ගැනීමේ ආයතනයයි. එය සියලුම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල නියෝජිතයින් සහභාගී වන අතර විධායක මණ්ඩලය විසින් සකස් කරන ලද නිශ්චිත සෞඛ්‍ය න්‍යාය පත්‍රයක් කෙරෙහි අවධානය යොමු කරයි. සංවිධානයේ ප්‍රතිපත්ති තීරණය කිරීම, අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම, මූල්‍ය ප්‍රතිපත්ති අධීක්ෂණය කිරීම සහ යෝජිත වැඩසටහන් අයවැය සමාලෝචනය කිරීම සහ අනුමත කිරීම ලෝක සෞඛ්‍ය සමුළුවේ ප්‍රධාන කාර්යයන් වේ.

ලෝක සෞඛ්‍ය සභාව අතරතුර, උපාය මාර්ගික වට මේස මාලාවක් ද පැවැත්වේ. මෙම සැසිවාරයේදී ලෝක සෞඛ්‍ය සභාවේ “World Health Assembly” (WHA) නියෝජිතයින්, හවුල්කාර ආයතන, සිවිල් සමාජයේ නියෝජිතයින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් ගෝලීය වශයෙන් වැදගත් වන මහජන සෞඛ්‍ය ගැටළු සඳහා වත්මන් සහ අනාගත ප්‍රමුඛතා සාකච්ඡා කරනු ලැබීය.

Post Views: 8,754
Previous Post

කිසිදු ජනපති අපේක්ෂකයෙකු විධායක බලතල අහෝසි කරනවා යැයි ප්‍රකාශ කර නෑ – ජනපති

Next Post

සෙනඟ දැකලා දේශපාලන තීන්දු ගන්නේ නෑ – අගමැති

editor ttvnews

editor ttvnews

Next Post
සෙනඟ දැකලා දේශපාලන තීන්දු ගන්නේ නෑ – අගමැති

සෙනඟ දැකලා දේශපාලන තීන්දු ගන්නේ නෑ - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved