රජය සහ ඇමතිවරු රටේ මහා විශාල ආර්ථික අර්බුධයක් තිබෙන බව පෙන්වමින් ජනතා ගැටළු මග හැර යෑමටත්, තමන්ට රිසිසේ ගසාකෑමේ තීන්දු ගැනීමටත්, ඒකාධිපති තීන්දු ගනිමින් ජනතා හඩ යට කර තැබීමටත් උත්සහ කරමින් සිටින බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ලෙස මාස දෙකක පමණ කාලයක් තිස්සේ අරගලයක නිරත වන අතර, මේ වන තුරුත් එම ඉල්ලීම් මොනවාද යන්න පවා සොයා බැලීමකින් තොරව, පීඩාව ජනතාව මත පටවමින් ආර්ථික අර්බුධය ගැටළු මග හැර සිටීමේ ආයුධයක් කර ගනිමින් සිටීන බවයි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලයට මුල්‍යම ඉල්ලීම් වලට වඩා හේතුවී ඇත්තේ රජයේ අත්තනෝමතික තීරණ හේතුවෙන් මතුවී ඇති විෂමතා ගැටළුවන අතර, රජයේ අදූර්දර්ශී තීරණ වෙනස් කිරීම මගින් ඒවා සදහා පිළියම් සෙවිය හැකි බව ද හෙතෙම පැවසිය.
එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය තුල විශාල මුල්‍යමය අර්බුධයක් පවතින බව පෙනෙන්නට ඇත්තේ වෘත්තීයවේදීන්ගේ ගැටළු විසදීමට අදාලව පමණක් වන අතර, ගජ මිතුරු පාර්ශවයන්ගේ බඩ වාඩා ගැනීම සදහා අනවශ්‍ය ලෙස මුදල් හානී සිදු කිරීම ඉතා යහමින් සිදු කරන බව කුමුදේශ් මහතා අනාවරණ කලේය.
තමන් වියදම් පාළණයේ සමතෙකු බව ජනාධිපතිවරයාට පෙන්වීම සදහා සෞඛ්‍ය ලේකම් වරයා සිදු කරමින් සිටින්නේ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් කප්පාදු කරමින්, මහ ජනතාව පෞද්ගලික රෝහල්, රසායනාගාර සහ ඖෂධහල් වෙත යොමු කරමින් තම හිතවතුන්ගේ මඩි තර කිරීමක් බව ද හෙතෙම අනාවරණ කලේය.