27 April 2024
#දේශීය

මෙරට සිටින ඕනෑම 20 වයස් ඉක්ම වූ අයෙකුට බුස්ටර් එන්නත් ලබා ගැනීමට පුළුවන් – විශේෂඥ වෛද්‍ය හේමන්ත

මෙරට සිටින ඕනෑම 20 වයස් ඉක්ම වූ අයෙකුට සිය කොවිඩ් මර්දන එන්නත්කරණයේ දෙවැනි මාත්‍රාව ලබාගෙන තෙමසක් ගත වන්නේ නම්, නියත වශයෙන්ම බූස්ටර් එන්නත ලබා ගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

ඒ් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ නිරෝගිමත් සහ සෞඛ්‍යාරක්ෂිත පරපුරක් ඇති කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට කොරෝනා එන්නත්කරණ ක්‍රියාවලිය අතිශය වැදගත් බවයි.

එසේම කොවිඩ් මර්දනය කිරීමට අවශ්‍ය බූස්ටර් හෙවත් තුන්වැනි මාත්‍රාව ලබාදීම ලබාදෙනුයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පූර්ණ අනුමැතිය අනුව බව හෙතෙම පැවසිය.

එමෙන්ම කර්මාන්තශාලා සහ විවිධ ආයතනවල සේවය කරන 18 සැපිරූ ඕනෑම අයෙකුට ආයතනික වශයෙන් ලබා දෙන කොරෝනා එන්නත්කරණ ක්‍රියාවලියට යමින්, අදාළ තෙවැනි මාත්‍රාව ලබා ගැනීමට ද හැකියාවක් පවතින බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

මේ අතර, සියලුම පාසල්වල වයස අවුරුදු 16 සම්පූර්ණ කළ සිසුන්ට දෙවන මාත්‍රාවත්, 12ට වැඩි පාසල් දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට තීරණය කර ඇති හෙයින්,ඊට අවශ්‍ය පසුබිම මේ වනවිටත් සකසමින් පවතින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදු‍රටත් කියා සිටියේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *