8 September 2024
#දේශීය

විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට දායකවේ

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 27.7 ක් විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති සේවා කාර්ය මණ්ඩල විසින් පරිත්‍යාග කර තිබේ.

මුදල ඇතුළත් චෙක්පත විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවීනාථ ආර්යසිංහ මහතා විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබේ.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

තමන් ද අභියෝගයකට මුහුණ දී සිටින අවස්ථාවේ විදේශ තානාපති සේවා කාර්ය මණ්ඩල කළ මේ පරිත්‍යාගය COVID – 19 වසංගතය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට සියලුදෙනා තුළ ඇති උනන්දුව පෙන්නුම් කරන බව මෙහිදී සඳහන් කෙරිණි.

මූල්‍යමය ආධාරයට අමතරව, පෞද්ගලික ආරක්ෂක උපකරණ, උෂ්ණමානක, පරීක්ෂණ උපකරණ හා ආර්ද්‍ර උපකරණ වැනි වෙනත් අත්‍යාවශ්‍යය උපකරණ විශාල තොගයක් ද පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා සංගමයේ සාමාජිකයන් ද රුපියල් මිලියන 2.8 ක මුදලක් පසුගිය මැයි 06 වැනි දින COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කර තිබිණ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *