27 April 2024
#දේශීය

ජපානයේ සිරවී සිටි 235ක් ලංකාවට ගෙනෙයි

අද (16) දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  යූ.එල්.- 455 දරන එම ගුවන් යානය  මගින් මෙරටට  පැමිණීමට නොහැකිව ජපානය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් ඇත.

මෙම පිරිස ජපානයේ  නරීටා ගුවන් තොටුපළේ සිට අද අලුයම 3.38 ට මෙරටට පැමිණි අතර පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෙබළුන් විසින් ඔවුන් සහ ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු විශබීජ හරණයට ලක්කරනු ලැබ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස තුළ කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පවතී දැයි පරීක්ෂාකර ඇති අතර අනතුරුව  ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සූදානම් කර තිබූ විශේෂ බස් රථ මගින් මෙම පිරිස නීරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදුකර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *