• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සම්මානයට පාත්‍ර වේ

9 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සමස්ථ ලෝකයේ ස්වේච්ඡා සේවය හා එයට සිදුකළ හැකි සාධනීය සමාජ බලපෑම වෙනුවෙන් පිරිනැමෙන UNV 50 AWARDS සම්මානය රාජ්‍ය අංශය වෙනුවෙන් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය වෙත පිරිනමා තිබේ.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා වෙත Galle Face Hotel හිදී පසුගියදා එම සම්මානය පිරිනමනු ලැබීය.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් ලංකාව පුරා සිදු කරන ලබන සංවර්ධන ව්‍යාපෘති හා එමගින් ග්‍රාමීය ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක් වී ඇත.

මාර්ග ප්‍රතිසංස්කරණය හා වැඩිදියුණු කිරීම, ග්‍රාමීය පාලම් ඉදිකිරීම හා වැඩිදියුණු කිරීම, රුක් රෝපණ ව්‍යාපෘතිය, “මග දෙපස තුරු සෙවණ” ජංගම යෙදුම, පාලම් නිර්මාණ තරඟය යන අංශවල දක්වා ඇති දායකත්වය මෙහිදී ඇගයීමට ලක් වී තිබේ. ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ මග පෙන්වීම යටතේ අමාත්‍යාංශයේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

ජාතික මහාමාර්ග පද්ධතිය භාවිතා කරමින් රට පුරා කෘෂිකාර්මික සහ අනෙකුත් නිෂ්පාදන ප්‍රවාහනය සඳහා ඉහළ මට්ටමේ ප්‍රවේශයක් ලබා දෙමින්, දීප ව්‍යාප්ත ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග ප්‍රතිංස්සරණය හා වැඩිදියුණු කිරීම සිදු කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය දැනට ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14,022 හි ක්‍රියාත්මක වේ.

ජාතික මහාමාර්ග පද්ධතිය භාවිතා කරමින් රට පුරා කෘෂිකාර්මික සහ අනෙකුත් නිෂ්පාදන ප්‍රවාහනය සඳහා ඉහළ මට්ටමේ ප්‍රවේශයක් ලබා දෙන ග්‍රාමීය ගම්මාන සම්බන්ධ කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය. එමෙන්ම ජනතාවගේ දෛනික කටයුතු පහසු කරලීමට වසර 4 ක් තුළ පාලම් 5,000 ක් ඉදි කිරීමේ ඉලක්කය සපුරාලීමට නියමිතය.

සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී පරිසරය ආරක්‍ෂා කර ගැනීම අපේක්‍ෂාවයි. ඒ අනුව අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී පැළ මිලියන 2 ක් සිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. 2025 වන විට මාර්ග දෙපස සහ පොදු ස්ථානවල පැළ මිලියන 2කට අධික ප්‍රමාණයක් සිටුවීමේ ඉලක්කය පෙරදැරිව කටයුතු කරනු ලැබේ. එමෙන්ම මෙහි සාර්ථකත්වය උදෙසා “මග දෙපස තුරු සෙවණ සුරැකුමට පරිසරය” තේමාව යටතේ ජංගම යෙදුමක් ද හදුන්වා දී ඇත.

ග්‍රාමීය පාලම් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සියලු පාර්ශ්වකරුවන්ට දැනුම හුවමාරු කර ගැනීමට සහ වැඩසටහනේ තාක්ෂණික අභියෝග සාකච්ඡා කිරීමට වේදිකාවක් සකස් කර දී තිබේ. එමගින් පාර්ශවකරුවන්ගේ තාක්ෂණික ධාරිතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. සම්පත් දායකයින් ඉදිකිරීම් ක්‍රියාවලියේ මූලික කරුණු සහ අනෙකුත් තාක්ෂණික අභියෝග පිළිබඳ දැනුම බෙදාගෙන ඇත.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඉහත වැඩසටහන් මගින් සිදු කර ඇති මෙහෙය ඇගයීම වෙනුවෙන් මෙම සම්මානය පිරිනමා තිබේ.

Post Views: 16
Previous Post

අනතුරුට පත්ව ඉන්දියාවේ රැඳී සිටින ධීවරයින් කඩිනමින් දිවයිනට – ඇමැති ඩග්ලස්

Next Post

ව්‍යාපාරික ජෙට් මත්තලට ගෙන්වා ගැනීමටත් සැලසුම් – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

ව්‍යාපාරික ජෙට් මත්තලට ගෙන්වා ගැනීමටත් සැලසුම් - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

9 July 2025
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025

Recent News

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

9 July 2025
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved