27 April 2024
#දේශීය

අනතුරුට පත්ව ඉන්දියාවේ රැඳී සිටින ධීවරයින් කඩිනමින් දිවයිනට – ඇමැති ඩග්ලස්

වාලච්චේන ධීවර වරායෙන් රැකියාවට ගිය ධිවරයන් සිවුදෙනකු අනතුරට පත් වී සිටියදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මගින් බේරාගෙන තිබේ.

ඔවුන් පසුගිය සැප්තැම්බර් 26 දින මෙම අනතුරට පත්ව ඇති අතර මේ වන විට ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේ රඳවා සිටින අතර ඔවුන් නිදහස් කර දෙන ලෙස ධීවරයන්ගේ ඥාතීන් අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමට අනුව අමාත්‍යවරයා ඉන්දීය රජය සමඟ සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එළඹෙන 14 වන දින නිදහස් කිරීමට ඉන්දීය රජය කටයුතු කරන ලදි.

අතර එම ධීවරයන් හා ඔවුන්ගේ බෝට්ටු මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා ඥාතීන් හමුවේ පවසා සිටියේ ඉන්දීය රජයෙන් නිදහස ලැබුණු වහාම මෙම ධීවරයන් ලංකාවට ගෙන්වීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ධීවර කාර්මිකයන්ගේ පවුලේ ඥාතීන් ධිවර අමාත්‍යංශ ලේකම් ඉංදු රත්නායක මහත්මිය, ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *