27 April 2024
#සංවර්ධන

මාතලේ දිස්ත්‍රික්කයේ සුළු අපනයන භෝග චීනයට අපනයනයට සුදානමක්

මාතලේ දිස්ත්‍රික්කයේ සුළු අපනයන භෝග, කෘෂී ආර්ථික භෝග, රසකැවිලි හා පළතුරු චීනයට අපනයනය කිරීම සදහා වන චීන ආයෝජක හමුවක් එළැඹෙන 02 දින පෙ.ව. 10.00ට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා හා චීන නියෝජිතයන් සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමක් අනුව මෙම හමුව සිදුවේ.

මෙහිදී දිස්ත්‍රික්කයේ කෘෂි අපනයන භෝග වගාකරුවන්, අපනයන කරුවන් ඇතුළු පාර්ශව කරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය .

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *