මීරිගම, මැදගම හල්පේ ශ්‍රී සුධර්ශනාරාමාධිපති පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර ස්වාමීන් වහන්සේ වෙත සියනෑ හාපිටිගම දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. උන්වහන්සේ වෙත “ධර්ම කීර්ති ශ්‍රී සඤ්ඤාරතන” යන ගෞරව නාමය සහිතව මෙම පදවිය පිරිනමා ඇති අතර, නව පදවිය පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී සුධර්ශනාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණි.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වූහ. පූජ්‍ය මැටිබැබියේ සෝනුත්තර හිමියන් ප්‍රදේශයේ ආගමික හා ශාසනික උන්නතිය වෙනුවෙන් ඉටුකරන ලද මෙහෙවර අගය කරමින් මල්වතු මහා විහාරීය කාරක සංඝ සභාව මඟින් මෙම ගෞරව පදවිය පිරිනමා තිබේ.













