ඉන්දීය මහමැතිවරණයෙන් ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය ආසන සංඛ්‍යාව 274ක් ලබා ගෙන ජය ගෙන ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කරයි. එම සන්ධානය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් තුන්වන වරටත් ජය ගෙන ඇත. රජයක් පිහිටුවීමට නම් එරට පාර්ලිමේන්තුවේ ආසන 543න් ආසන 272ක බලය තහවුරු කර ගත යුතු වන අතර මෙම මැතිවරණයට අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී තුන්වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරය සඳහා තේරීපත් වුණා.
මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට බහුතර බලයක් හිමි නොවු අතර ඔවුන් හිමිකර ගෙන ඇති ආසන සංඛ්‍යාව 228ක්.
ඡායාරූප – Thehindu web