• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධ්‍යම පළාතේ ක්‍රිඩා සඳහා වෙන් කල තිබු මුදල් යළි භාණ්ඩාගාරයට – ක්‍රිඩා අධ්‍යක්ෂ ජේ.පී.ඒ.ජගත්

14 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

46 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල 2021 වර්ෂයේ දී නොපැවැත්වෙන බව නිල වශයෙන් නිවේදනය කල වහාම ඒ සදහා මධ්‍යම පළාත වෙන් කර ඇති සියලුම මුදල් කොවිඩ් වසංගතය දුරලීම සදහා නැවත භාණ්ඩාගාරය වෙත යැවීමට සැලසුම් කල බව මධ්‍යම පළාත් ක්‍රිඩා අධ්‍යක්ෂ ජේ.පී.ඒ.ජගත් කීර්ති මහතා පවසයි.

ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙසේ කියා සිටියේය “2020 වර්ෂයේ දී පැවැත්වීමට නියමිතව තිබූ 46 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙලට අදාළ තරඟ පැවත්වීම සදහා කොවිඩ් පළමු රැල්ල ආරම්භ වීමත් සමගම බාධා මතු විය. නමුත්, ඉන් අනතුරුව රටේ කටයුතු සාමාන්‍ය තත්වයට පත්වීමත් සමගම 46 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු අදියරේ ප්‍රාදේශීය මටටමේ තරඟ, දෙවන අදියරේ දිස්ත්‍රික් මට්ටමේ තරඟ හා තෙවන අදියරේ පළාත් මට්ටමේ තරඟ ආරම්භ කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබුණි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ කොවිඩ් මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරමින් 2020 සැප්තැම්බර් මාසය වන විට එම ක්‍රීඩා උළෙලේ පළමු අදියර හා දෙවන අදියර යටතේ වන සියලුම ක්‍රීඩා තරඟ පවත්වා අවසන් කිරීමට මධ්‍යම පළාතට හැකි විය. එසේම ඔක්තෝබර් මස 04 වන විට එහි තෙවන අදියර යටතේ පැවැත්විය යුතු පළාත් තරඟ 28 න් 22 ක්ම සාර්ථකව පවත්වා අවසන් කර ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කරනු ලබන මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික තරඟ සදහා ඉදිරිපත් වීමේ දී ලබා දිය යුතු මධ්‍යම පළාතේ අනන්‍යතාවය රැකෙන පරිදි හා තරඟ නීති රීති අනුව සකස් කල යුතු ක්‍රීඩා ඇදුම් සකස් කිරීම ඇතුළු අනෙකුත් සියලුම පූර්ව කටයුතු සම්පාදනය කර අවසන් කරන ලදි.

නමුත්, නැවත වර්ෂ අවසානයේ දී පැමිණි දෙවන කොවිඩ් රැල්ලත් සමඟ නැවත ක්‍රීඩා කටයුතු සදහා බාධා පැමිණි බැවින්, මලලව පොර, කබඩි, වොලිබෝල්, සැහැල්ලු පන්දු ක්‍රිකට් හා මලල ක්‍රීඩා යන පළාත් තරඟ පවත්වා අවසන් කිරීමට නොහැකි විය. නමුත්, මේ වන විටත් මෙම ක්‍රීඩා උළෙලේ පළාත් තරඟ 80% ක් පමණ අවසන් කර තිබුණු දිවයිනේ එකම පළාත වූයේ මධ්‍යම පළාත පමණි. සෙසු පළාත් බොහෝමයක පළමු අදියරේ හා දෙවන අදියරේ තරඟ ද පවත්වා අවසන් කිරීමට නොහැකි වී තිබුණි.

මේ නිසා, 46 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඉතිරි වී ඇති සියලුම අදියර වල තරඟ හා ජාතික මහා ක්‍රීඩා උළෙල 2021 වර්ෂයේ දී පැවැත්වීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තීරණය කරන ලදි. ඒ අනුව, 2021 වර්ෂයේ පැමිණි කොවිඩ් තුන්වන රැල්ල ආරම්භ වීමට පෙර 2021 අප්‍රේල් මස 04 දින වන විට මල්ලව පොර තරඟ හැර ඉතිරිව තිබූ සෙසු සියලුම පළාත් තරඟ පවත්වා අවසන් කිරීමටත් එකී තරඟ වල සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඕනෑම මොහොතක ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී කරවීමට හැකි පරිදි සියලුම පූර්ව කටයුතු ද සූදානම් කරන ලදි.

ඉන් අනතුරුව පැමිණි කොවිඩ් තුන්වන රැල්ල හමුවේ මේ වන තුරුත් ක්‍රීඩා කටයුතු නතර වී ඇත. එහෙත්, මේ වන තුරුත් ගරු ක්‍රීඩා අමාත්‍යතුමා හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂයේ දී පවත්වා අවසන් කිරීමට සැලසුම් කර ඇති 46 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල නොපැවැත්වෙන බව හෝ අවලංගු කරන බව හෝ නිල වශයෙන් දන්වා නැත. 2021 වර්ෂයේ මාර්තු මස අවසානයේ දී ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟ, පාපැදි තරඟ, තරඟ ඇවිදීම හා රට හරහා දිවීමේ තරඟ පවත්වා අවසන් කර ඇත. එබැවින්, 2021 වර්ෂය අවසානයේ හෝ 2022 වර්ෂයේ මුල්භාගයේ මෙම ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කිරීමට සිදු වනු ඇත.

එලෙස කුමන මොහොතක හෝ 46 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වුවහොත් ඒ සදහා මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීමට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සම්පාදනය කර අවසන්ය. රටේ සංචරණ සීමා පැවතිය ද නිසි බලධාරීන්ගේ අවසරය ඇතිව හා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොවිඩ් වසංගතය තුල වුවද සිදු කල හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සියලුම පුහුණු වීම් කටයුතු ජාතික මහා ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් නොනවත්වා කරගෙන යාමට දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ ඉතාමත් විධිමත් වැඩ පිළිවෙලක් ද මේ වන විට ක්‍රියාත්මක වේ. 2020 වර්ෂයේ කොවිඩ් පළමු රැල්ලේ සිට මේ දක්වාම එකී වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පළාතට හැකි වී තිබේ.

කොවිඩ් වසංගතය නිසා 46 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල 2021 වර්ෂයේ නොපැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යතුමා හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කල හොත්, ඒ වෙනුවෙන් වියදම් දැරීමට මධ්‍යම පළාත වෙන් කර ඇති රුපියල් මිලියන 13 ක පමණ මුදලක් කොවිඩ් වසංගතය දුරලීම සදහා රජය ගෙන යන වැඩ පිළිලෙට යොදවා ගැනීමට හැකි වන පරිදි නැවත භාණ්ඩාගාරය වෙත යැවීමට සැලසුම් සකස් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව වෙත පසුගිය මැයි මාසයේ දීම උපදෙස් ලබා දී ඇත. ඒ අනුව, එකී ප්‍රතිපාදන නැවත භාණ්ඩාගාරය වෙත යැවීම සදහා මේ වන විටත් පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සැලසුම් සකස් කර අවසන්ය.

මීට අමතරව මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ 2021 සංවර්ධන යෝජනා යටතේ ක්‍රියාත්මක කිරීමට අනුමත කර තිබූ ක්‍රීඩා සමාජ සදහා ක්‍රීඩා භාණ්ඩ ලබා දීම ඇතුළු ව්‍යාපෘති කීපයක් නතර කොට රුපියල් මිලියන 03 ක පමණ මුදලක් මේ වන විටත් කොවිඩ් වසංගතය වෙනුවෙන් වියදම් දැරීමට හැකි වන පරිදි භාණ්ඩාගාරය වෙත නැවත ලබා දීමට දැනටමත් කටයුතු කර අවසන්ය.

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Post Views: 5
Previous Post

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධූරයට

Next Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය වෙනුවෙන් කොවිඩ් නිවාරණ වැඩසටහනක්

editor

editor

Next Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සරය වෙනුවෙන් කොවිඩ් නිවාරණ වැඩසටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved