ලොව සුප්‍රසිද්ධ Montblanc සන්නාමයේ නවතම සුවඳ විලවුන් වර්ගය වන Montblanc Explorer Extreme, මෙරට එකම බලයලත් නියෝජිතයා වන Exclusive Lines ආයතනය විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. මෙම සුවඳ විලවුන් දියත් කිරීමේ උත්සවය කොළඹ පිහිටි Virticle by Jetwing පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පවත්වනු ලැබූ අතර එහිදී Montblanc සන්නාමය සතු ගවේෂණය, පිරිපහදු කළ බව සහ උසස් ශිල්පීය හැකියාවන් මනාව විදහා දැක්විණි.
Montblanc Explorer මාලාවේ පළමු Parfum සාන්ද්‍රණය සහිත නිෂ්පාදනය වන මෙයින් ලොව අතිශය දුෂ්කර කාන්තාර භූ දර්ශන සහ ගවේෂණයේ ඇති අසීමිත බව නිරූපණය කෙරේ. Exclusive Lines ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී හිරු සුර්තානි මහතා පවසා සිටියේ ධෛර්යය සහ අභිලාෂය සංකේතවත් කරන මෙම සුවඳ විලවුන් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී පාරිභෝගිකයන්ට සුවිශේෂී අත්දැකීමක් වනු ඇති බවයි. බර්ගමට් සහ සේජ් මගින් ප්‍රබෝධමත් ආරම්භයක් ලබා දෙන මෙම සුවඳ විලවුන්වල හදවත ලෙස පැචූලි සහ ඇම්බ්‍රොෆික්ස් භාවිතා කර ඇති අතර එහි පදනම ලෙස තද ඇම්බර්, සම් සහ වෙටිවර් යොදා ගනිමින් ප්‍රබල සහ දිගුකාලීන සුවඳක් නිර්මාණය කර ඇත.
සවුදි අරාබියේ අල්-උලා වැනි දැවැන්ත කාන්තාර භූ දර්ශනවලින් ආභාසය ලබා ඇති මෙම සුවඳ විලවුන් Montblanc Extreme 3.0 එකතුවේ ලක්ෂණ සහිත කළු පැහැති වීදුරු බෝතලයක ඇසුරුම් කර තිබේ. යුරෝපීය ශිල්පීය හැකියාවන් විදහා දක්වමින් මෙහි කොටස් ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර පිහිටි Montblanc වැඩපොළවලදී නිපදවා ඇති අතර ඇමරිකානු නළුවෙකු වන ජස්ටිස් ජොස්ලින් මෙහි ගෝලීය ප්‍රචාරක කටයුතුවල නිරත වේ. Montblanc Explorer Extreme දැන් දිවයින පුරා පිහිටි Exclusive Lines අලෙවි සැල්වලින් සහ බලයලත් වෙළඳ නියෝජිතයන්ගෙන් ලබා ගත හැකිය.














