ඉදිරි වසර කිහිපය තුළ මෙරට සෞඛ්‍ය පද්ධතියට වැඩි වශයෙන් වේදනා කළමණාකරණ පුහුණු හෙද නිලධාරීන් යොමු කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ් අනුව 2025 වන විට සියලු රෝහල් සඳහා මෙවැනි පුහුණු හෙද නිලධාරීන් යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
වේදනා කළමණාකරණ පුහුණුව අවසන් කළ හෙද නිලධාරීන් 39 දෙනෙකු සඳහා නිල ලාංඡන පැළඳවීම හා සහතිකපත් ප්රදානය කිරීම සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (25) පැවැත්විණි.
දිවයිනේ රෝහල් 35 ක් සඳහා මෙලෙස පුහුණුවලත් නිලධාරීන් අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. මෙමගින් ශ්‍රී ලංකාවේ හෙද සේවාවේ ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නංවමින් රටෙහි ජනතාවට යහපත් සෞඛ්‍ය පද්ධතියක් ඇතිකිරීම අරමුණු කෙරේ.
2019 වසරේදී මෙම වැඩපිළිවෙල මූලිකව ආරම්භ කෙරුණු අතර ඊයේ දින සහතික පත්‍ර එහි දෙවන කණඩායමට පිරිනැමිණි. ඉදිරි නොවැම්බර් වන විට මෙහි තෙවන කණ්ඩායම බඳවා ගැනීමට නියමිතය.
ඉන්දියාවේ හයිද්‍රබාද් හා සිංගප්පූරුවේ විශේෂ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා ජාතික රෝහලේ වේදනා කළමණාකරණ පුහුණු හෙද නිලධාරිණී වජිරා විජේසිංහ මහත්මියට මෙහිදී විශේෂ නිල ලාංඡනයක් පැළඳවීමද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා 1 )වෛද්‍ය ලාල් පනාපිටිය, හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්.බි.සී සමන්මලී , නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය හිමාෂි මකුලොළුව යන මහත්ම මහත්මීන්ද නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරු, අධ්යක්ෂවරුන් හා විශේෂ ශ්‍රේණීයේ හෙද නිලධාරින් එක්ව සිටියහ.