27 April 2024
#දේශීය

කුවේටයේ සිට සංක්‍රමණික සේවකයින් 6000 කට වැඩි පිරිසක් මව් රටට – විදේශ අමාත්‍යංශය

කොවිඩ්-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 6000 කට අධික පිරිසක් මේ වන විට තානාපති කාර්යාලය විසින් ආපසු සිය මව් රටට ගෙන්වා දීමට කටයුතු කර ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අඛණ්ඩව කටයුතු කරමින් සිටී.

මේ වන විට තානාපති කාර්යාලයේ ලියාපදිංචි වූ පුද්ගලයින් 9000 ක් සිටින බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සඳහා තානාපති කාර්යාලය, විදේශ අමාත්‍යාංශය, කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය, කම්කරු අමාත්‍යාංශය, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE), ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ අදාළ කුවේට් බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරයි. ආපසු පැමිණි අය අතරට කුවේට් රජයේ පිටුවහල් කිරීමේ මධ්‍යස්ථානයේ, කුවේට්හි රජයේ නිවස්නයේ සහ තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂිත නිවස්නයේ රඳවා සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් ඇතුළත් වේ.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *