• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහෝදරත්වය බෙදා ගන්නා රටක් ඕනෑ බව මන්ත්‍රී අනුර කියයි

10 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සංස්කෘතික අනන්‍යතාවන් පිළි අරගෙන සහෝදරත්වය බෙදා ගන්නා රටක් ඕනෑ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (09) ජාතික ජන බලවේගය වත්තල ආසන සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ” ජාතීන් අතර අසමගිය ඇති වුණු, ජනතාව අතර ක්‍රෝධය, වෛරය, සැකය, අවිශ්වාසය නැති සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය ඇති වුණු රටක් අපිට ඕනෑ. සංස්කෘතික අනන්‍යතාවන් පිළි අරගෙන සහෝදරත්වය බෙදා ගන්නා රටක් අපට ඕනෑ. අද වත්තලදී ජාතික ජන බලවේගයේ වේදිකාවෙන් පෙන්නුම් කරන්නේ අපට ඕනෙ අන්න ඒ රට පිළිබඳව සංකේතයක්. පසුගිය මාර්තු 09දා වත්තල නගර සභාවත්, ප්‍රාදේශීය සභාවත්, ජාතික ජන බලවේගය නියත වශයෙන්ම ජයග්‍රහණය කරවන්න ජනතාව පෙළගැසී සිටියා. නමුත් ස්වභාවික ව්‍යසන නැති, යුද්ධය නැති පසුබිමක ලංකාවේ පළමුවෙනි වතාවට රනිල් වික්‍රමසිංහ පරදිනවාට බයේ නොවෙයි, ජාතික ජන බලවේගය දිනනවාට බයේ ඡන්දය කල්දැම්මා. ලංකාවේ පළවෙනි වතාවට මේ රට පාලනය කළ දූෂිත, ත්‍රාඩ පවුල් කිහිපයෙන් පිට පොදු ජනතාව අතට බලය මාරුවීමේ දිනය බවට මාර්තු 09 දා පත්වීමට නියමිතව තිබුණා. එය වැළැක්වීම සඳහා ඡන්දය කල්දැම්මා. සල්ලි නෑ කියලා ලෝකයෙ කොහේවත් රටක ඡන්ද කල්දමා නැහැ. ජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් කොල්ලකාලා ලෝකය ඉදිරියේ හිඟන රටක් බවට පත්කළ නිසාම මෙ විනාශකාරී පාලකයන් පලවා හරින්න ඡන්දයක් ඕනෑ.

ජාතික ජන බලවේගයේ පොදු ජනතාවගේ අතට බලය ලැබීම වළක්වන්න හැම දහංගැටයක්ම ගහනවා. අලුත්ම දේ ජයන්ත කැටගොඩ මන්ත්‍රී යොදවා හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ මන්ත්‍රීවරු නැවත පත්කර ගැනීමේ යෝජනාවක් ගෙනත් තිබෙනවා. වත්තල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා සහ මන්ත්‍රීවරුන් නැවත පත්කර ගැනීමට ඉඩදෙනවාද? ඒ ධුරවලට පත්කර ගත යුත්තේ මැතිවරණයකින් තේරී පත්වෙන අය පමණයි. පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරලා හිටපු අය නැවත පත්කර ගන්න කවුරු ඉඩ දුන්නත් ජාතික ජන බලවේගය ඉඩ දෙන්නේ නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. ජනවරමේ අයිතියත් එක්ක සෙල්ලම් කරන්න පාලකයන්ට ඉඩ නොදිය යුතුයි. දීර්ඝ කාලයක් රට පාලනය කළ මේ අය අපේ රට සිංගප්පූරුවක්, මැලේසියාවක්, ආසියාවේ ආශ්චර්යයක් කර සුඛිත මුදිත රටක් බවට පත්කරන බව කීවා. ණය කඳු ගොඩගසා මේ රට කඩා වැට්ටුවා. ණයට සරිලන වත්කම් ගොඩනඟා නැහැ. 10%ක වත්කම් නිර්මාණය කර, 90%ක් ගසාකාලා. ණයවලට සරිලන වත්කම් නිර්මාණය නොවීමෙන් ණය බරක් හැදෙනවා. ඇමතිවරු ලන්ඩනයෙන්, ඩුබායිවලින්, ඕස්ටේ්‍රලියාවෙන් ගෙවල් ගත්තා. බැංකු ගිණුම් තර වුණා. ගත්තු ණය වලින් රටට වත්කම් නිර්මාණය නොකළාට ඒගොල්ලන්ගේ වත්කම් හදාගත්තා.

ඒ වගේම ණයවලින් නාස්තිකාර ව්‍යාපෘති සිදුකළා. ණය අරගෙන හැදූ මත්තල ගුවන් තොටුපොළ විවෘත කළේ 2013දී. 2016 ඉඳලා ගත්තු ණය ගෙවන්න පටන් ගත්තා. නමුත් 2023දීත් මත්තලට ගුවන් යානයක් ආවාම ප්‍රවෘත්තියක් වෙන තත්වයක් තිබෙන්නේ. කටුනායක ගුවන් තොටුපොළෙන් උපයා ගන්නා ආදායමත්, මත්තල නඩත්තු කිරීමට යොදවන බව හෙළි වී තිබෙනවා. මේ නිසා කටුනායක ගුවන් තොටුපොළත් පාඩුයි. ඒ අතර හිඟුරක්ගොඩත් ගුවන් තොටුපොළක් හදන බව නිමල් සිරිපාල කියනවා. ඒවාගෙන් තමයි ගහන්නේ. මේ පාලකයන් ගෙවා ගන්න බැරි ණය කන්දක් ගොඩගැහුව නිසා රටට ඩොලර් නැති වුණා. විදේශ ණය ගෙවිය නොහැකි බංකොලොත් රටක් බව 2022 අප්‍රේල් 12දා මහ බැංකු අධිපති ප්‍රකාශ කළා. අද වන්දි ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ ජනතාවට. 8% තිබුණු වැට් බද්ද 15%ක් කළා. මුල්‍ය අරමුදලට ආණ්ඩුව දුන් වාර්තාව අනුව 2022 ලබාගත් ආදායම රුපියල් බිලියන 463යි. මේ අවුරුද්දේ රුපියල් බිලියන 796ක් අපේක්ෂා කරනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩිවුණොත් වැට් ආදායම වැඩි වෙනවා. නමුත් මෙ අවුරුදදේ මුල් කාර්තුවේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය 11.8%කින් ආර්ථිකය හැකිළිලා. මේ නිසා ජනතාවගේ සියලු භාණ්ඩ හා සේවාවල ගාස්තු වැඩිකර තිබෙනවා. ලබන අවුරුද්ද වෙන කොට මෙ වැට් බද්ද රුපියල් බිලියන 1456ක් ගන්න සූදානම් වෙනවා. මේ අවුරුද්ද වගේ දෙගුණයක්. රනිල් ඉදිරිපත් කරන ඊළඟ අයවැයෙන් දැන් තිබෙන වැට් බද්ද 21%ක් දක්වා වත් වැඩි කරනවා. රට බංකොලොත් කළේ ඒ ගොල්ලෝ. වන්දි ගෙවන්න බර පටවන්නේ ජනතාවට. අනෙක් පැත්තෙන් වෘත්තීයවේදීන්ට 36% දක්වා උපයන විට ගෙවීමේ බද්දක් ගැහුවා. එංගලන්තය, කැනඩාව, ඕස්ටේ්‍රලියාව වගේ රටවල් අපේ රටේ වෘත්තියවේදීන්ව පැකේජ් පිටින් ගන්නවා. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, බැංකු කළමනාකරුවන් ඇතුළු වෘත්තියවේදීන් වගේම විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් මත විශාල පීඩනයක් ඇති කළා. මේ බද්ද නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් 2%කගේ වැටුප ඍණ වී තිබෙනවා. ඔවුන්ගේ බැංකු ණය ඇතුළු මේ බදුවලට පෙර ලබාගෙන තිබුණු ණය කැපීමෙන් වෘත්තීයවේදීන්ටත් වන්දි ගෙවන්න සිදු වී තිබෙනවා.

ඒ වගේම විධිමත් අංශවල සේවකයින්ගේ තමන්ගේ වැටුපෙන් 8%ක් සහ ස්වාමියා 12%ක් ලෙස සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවනවා. රුපියල් 10,000/-ක මාසික වැටුපක් ලැබෙනවා නම්, අර්ථසාධක අරමුදලට රුපියල් 2000ක සාමාජික ගාස්තුවක් මාසිකව එකතු වෙනවා. රුපියල් 20,000ක වැටුපක් නම්, රුපියල් 4000/- මේ අරමුදලට යනවා. අර්ථ සාධක අරමුදල තිබෙන්නේ මහ බැංකුවේ භාරකාරත්වය යටතේ. මේ අරමුදලේ සල්ලිවලින් 96%ක් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මගින් රජයට ණය දී තිබෙනවා. නමුත් ආණ්ඩුව දැන් වැඩ කරන ජනතාවගෙන් මේ මුදල් කපා හරින්න ලෑස්ති වෙනවා. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. යෝජනා කර තිබෙන ආකාරයට අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ට ලැබිය යුතු ප්‍රතිලාභවලින් 30%ක් කප්පාදු කරන්න යන බව ගණනය කිරීම්වලින් හෙළිවී තිබෙනවා. මේ තීන්දුව හැකිළීම සඳහා වැඩකරන ජනතාව පෙරට එන බව සහතිකයි. අපි ඊට නායකත්වය දෙනවා. රට බංකොලොත් කිරීම පිළිබඳ වන්දි ගෙවන්න ඕනෑ ඒගොල්ලෝ. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ වෙලාවේ දේශපාලනිකව බෙදිලා නොසිටිය යුතු බවයි. ස්වභාවික ව්‍යසනයකින් ආර්ථිකය විනාශ වුණා නම්, රට ගොඩනඟන්න එකතු වෙන්න අපි එකතු වෙන්න ලැහැස්තියි. නමුත් මේක පාලක කණ්ඩායම් විසින් මහජනයාගේ ධනය ප්‍රකෝටි ගණන් කොල්ලකෑමෙන් ඇති කළ විනාශයක්. මේ වෙලාවේ ජනතාවගේ වගකීම රට විනාශ කළ මේ පාලක කණ්ඩායම පළවා හරින්න ජාතික ජන බලවේගය සමග එකතු වීමයි. ඔබ අපි ඔක්කෝම එකතු වී අලුත් පාලනයක් පිහිටුවමු.

මෑත කාලයේ ලෝකයේ ශක්තිමත් වෙමින් තිබෙන ඉන්දියාව, චීනය, වියට්නාමය, දකුණු කොරියාව, මැලේසියාව වගේ රටවල් දිහා බලන්න. මහා පරිමාණ කර්මාන්තත් ඊට අවශ්‍ය සේවා නිෂ්පාදනයත් ඇති වෙමින් තිබෙනවා. වියට්නාමය විශාල කාර්මික ආර්ථිකයක් අත්පත් කර ගෙන තිබෙන්නේ නවීකරණය වූ කර්මාන්ත සහ සේවා අවශ්‍යතා වෙනුවෙන් විශාල මානව සම්පත් ප්‍රමාණයක් යෙදවීමෙන්. කොරියාව, ලෝකයේ 12වැනි ආර්ථිකය බවට පත්වී තිබෙන්නෙත් ඒ විදිහට. ඉන්දියාව කෝවිඩ් වසංගතය ඇතුළෙත් ධන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත්තා. චීනය, වියට්නාමය, දකුණු කොරියාව වගේ රටවලුත් එහෙමයි. නමුත් අපේ රටේ ආර්ථික වර්ධන වේගය ඍණ බවට පත්වුණේ ණය අරගෙන විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කළ නිසයි. මේ තත්වයෙන් මිදෙන්න අපේ රටට ආර්ථිකයේ මහා ඉදිරි පිම්මක් අවශ්‍යයි. රනිල්ගේ න්‍යාය පත්‍රය අනුව 2019 දී අපේ රටේ තිබුණු ආර්ථික තත්වයට නැවත එන්නෙ 2028දියි. දියුණු රටක් වෙන්නේ 2048දී ලු. එතකොට කතා කරන මමත්, ඔය කියන රනිලුත් නැහැ. වර්තමාන තරුණ පරම්පරාවට 2048 වෙනකම් නොඉඳ වේගවත් ආර්ථික පිම්මක් ගන්න ජාතික ජන බලවේගය සැලසුම් සකස් කර තිබෙනවා. රටට අවශ්‍ය ආර්ථික සංවර්ධන පිම්මක් ගන්න ජාතික ජන බලවේගයේ අපි සූදානම්.

ආර්ථික අර්බුදය ධන හෝ ඍණවලින් කියන්න පුළුවන්. ඒ වගේම බඩට, ඇඟට දැනෙන දෙයින් කියන්න පුළුවන්. නමුත් ගණන් මිණුම්වලින් මනින්න බැරිතරම් මහා ඛේදවාචකයකට අපේ සමාජය වට්ටවා තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන 1977දී කොල්ලකාරී ආර්ථිකයක් හඳුන්වා දුන්නේ විවෘත ආර්ථිකය කියලයි. අපි ලෝකයට විවෘත වීමට පක්ෂපාතියි. නමුත් ජේ.ආර්. හඳුන්වා දුන් කොල්ලකාරී ආර්ථිකයෙන් අපේ රටේ නිෂ්පාදන කර්මාන්ත සම්පූර්ණයෙන්ම බිඳ වැට්ටුවා. යුනික් රේඩියෝව ගොඩනැඟෙමින් ආවා, එය විනාශ කර දැම්මා. කාර් නිෂ්පාදනය සිදුවෙමින් තිබුණා. එය විනාශ කර දැම්මා. වර්ධනය වෙමින් තිබුණු කිරි නිෂ්පාදනය නතර කර දැම්මා. ඇඹිලිපිටිය, වාලච්චේන කඩදාසි නිෂ්පාදනය විනාශ කර දැම්මා. කන්තලේ, හිඟුරාන, සීනි නිෂ්පාදනය විනාශ කර දැම්මා. පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව වසා දැම්මා, සිමෙන්ති කම්හල්, ලෝහ කම්හල් විකුණා දැම්මා. තුල්හිරිය, මත්තේගොඩ, වේයන්ගොඩ රෙදි ජනපද විකුණලා වසා දැම්මා. ග්‍රාමීය අත් යන්ත්‍ර රෙදි වගේම බතික් කර්මාන්තයත් විනාශ කළා. සපුගස්කන්ද පොහොර ෆැක්ටරිය විනාශ කළා. නයිලොන් කර්මාන්ත ශාලාව වසා දැම්මා. ඉටිපන්දම් කර්මාන්ත ශාලාව වසා දැම්මා. සිපෙට්කෝ කෘමිනාශක කර්මාන්ත ශාලාව වසා දැම්මා. ලිහිසි තෙල් කර්මාන්ත ශාලාව ඇමෙරිකාවට විකුණුවා. ජේ.ආර්.ගේ යුගයේ පාලනය කළේ මේ ආකාරයට.
නමුත් ඉන්දියාව ලේලන්ඩ් කර්මාන්ත ශාලාව පටන්ගෙන අශෝක් ලේලන්ඩ් බර වාහන හැදුවා. ජපානයේ හොණ්ඩා සමාගම ගෙන්වා ගෙන ඉන්දියාවේ හීරෝ සමාගමත් එක්ක එකතු වී හීරෝ-හොණ්ඩා මෝටර් සයිකල් හැදුවා. ජේ.ආර්.ගේ කොල්ලකාරී ආර්ථිකය අපේ රටේ සමස්ත නිෂ්පාදන කර්මාන්ත පද්ධතියම විනාශ කළා. බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න ඕනෑ කියන මතවාදය නිර්මාණය කළා. ඉතිහාසය ඉගෙන ගෙන රුපියලක්වත් හොයන්න බැරි බව ජේ.ආර්. ජයවර්ධන කීවා. ආර්.ප්‍රේමදාස තමන්ට ඉංජිනේරුවන් අනවශ්‍ය බවත්, වඩු බාස්ලා හිටියාම ඇති බවත් කීවා. චන්ද්‍රිකා කුමාරතුංග කලා උපාධිය හදාරලා, කන්නද කියලා ඇහුවා. ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා යන තුන්දෙනාම මුදල් පිටුපස හඹාගෙන යන සමාජයක් නිර්මාණය කර, මානව බැඳීම් සියල්ල විනාශ කර දැම්මා. ගම්පහ වොලිබෝල්වලින් කප් ගහපු ඉතිහාසයක් තිබුණා. අද මොකක්ද වී තිබෙන්නේ. සියල්ල රුපියල් බවට පත්කරලා.
මේ සමාජය ගොඩනගන්න අසීරු තරමට මානව සම්බන්ධතා විනාශ කර දමලා. හදවතේ පැන නගින සහකම්පනය විනාශ කර දැම්මා. අනෙකා කෙරෙහි තිබෙන බැඳීම, ආදරය නැතිකර දැම්මා. සියලු මානව සම්බන්ධතා මුදල් කියන අයිස් වතුරේ ගිල්වා මරා දැම්මා. අපි ඉස්සරහා තිබෙන මේ සමාජය කුඩු ව්‍යාපාරිකයා ඉස්සරහා වැඳ නමස්කාර කරන තත්වයට පත් කළා. අද ඔහු ‘සර්’ වී, ඡන්දය ඉල්ලන්නත් එනවා. 77න් පස්සේ ආර්ථික ඛේදවාචකයට වඩා විශාල සමාජ ඛේදවාචකයක් නිර්මාණය වුණා. මුළු සමාජයක් කඩා වැටුණු වෙලාවක පොලීසිය විතරක් බේරෙන්නේ නැහැ. ආගමික සංස්ථා විතරක් බේරෙන්නෙත් නැහැ. ගුරුවරු සහ සිසුන් අතර සම්බන්ධතාවය බිඳ වැටුණා. තරුණියන් තමන්ගේ නැගණිය, සොහොයුරිය කියන තත්වයෙන් පැත්තකට දමා ඩැහැගත හැකි ගොදුරක් ලෙස කල්පනා කළා. අනෙකා කෙරෙහි සහකම්පනයක් නැති මෙහෙම සමාජයකට ඉස්සරහට යන්න බැහැ. ඕස්ටේ්‍රලියාවේ තිබුණු අපේ රැස්වීම්වලටත් පොලීසියෙන් ආවා. ඒ ආවේ යම් කුඩා හෝ සිදුවීමක් වුවහොත් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුට අත තියන්න බැහැ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාකළ හැකි වන්නේ බලයලත් නිලධාරියෙකුට විතරයි. නමුත් අපේ රටේ නොදියුණු ගෝත්‍රික ප්‍රතිචාර ලැබෙනවා. මේ ආර්ථික ගමනෙන් විශාල සමාජ ඛේදවාචකයන් නිර්මාණය කර තිබෙනවා. සියල්ල මුදල් මත තීරණය වන මේ සමාජය අපි වෙනස් කරනවා. අනෙකා ගැන සහකම්පනයක් තිබෙන සමාජයක් නිර්මාණය කරනවා. එංගලන්තයේ කොවිඩ් වසංගත සමයේ ගෙදර සාදයක් පැවැත්වූ අගමැතිවරයෙකු ඉල්ලා අස්වුණා. අපේ රටේ කොවිඩ් සීමා පනවා තිබියදී, රාජපක්ෂ පුත්තු රගර් ගැහුවා. අම්මා ගිහින් බලාගෙන හිටියා. ඒවා ප්‍රශ්න නොකරන සමාජයක් තිබෙන්නේ.

අපිට වෙනස් කරන්න තිබෙන්නේ මේ දේශපාලනය විතරක් නොවෙයි. මේ ආර්ථිකය වෙනස් කරන්නත් ලේසියි. නමුත් අපිට වැඩිම අවධානය යොමු කිරීමට සිදුවී තිබෙන්නේ මේ සමාජය යළි සුවපත් කරන්නයි. ඒ වෙනුවෙන් නීතියේ විධානයේ ආධිපත්‍යය නිසි පරිදි තහවුරු කිරීම ප්‍රධානම සාධකයයි. අපි ඒක තහවුරු කරනවා. සමාජයක් සුවපත් වෙන්න සාහිත්‍ය, කලාව, අධ්‍යාපනය විතරක් නොවෙයි නීතියේ විධානයේ ආධිපත්‍යයත් අවශ්‍යයි. 1977 දී ජේ.ආර්. ජයවර්ධන දේශපාලනය පාතාලකරණය ආරම්භ කරන්න පටන් ගත්තා. එතකොට බියගම මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ. බියගම නායකයා ගෝනවල සුනිල්. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෝනවල සුනිල්ට සාමදාන විනිශ්චයකාර තනතුරක් දුන්නා. ප්‍රේමදාස, සොත්ති උපාලිව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ගත්තා. චන්ද්‍රිකා කුමාරතුංග බැද්දගානේ සංජීව තමන්ගේ ආරක්ෂක අංශයට ගත්තා. කටුවන අපේ රැස්වීමකට ජුලම්පිටියේ අමරේ වෙඩි තිබ්බා. නාමල් රාජපක්ෂ කතා කරන රැස්වීමක ආරක්ෂාවට ජුලම්පිටියේ අමරේ යොදවා තිබුණු ඡායාරූප මගේ ළඟ තිබෙනවා. අද අවිස්සාවේල්ල, කොස්ගොඩ, තණමල්විල, සූරියවැව, කඩුවෙල, කොලොන්නාව, වත්තල ප්‍රදේශ පාතාලයන්ගේ රජදහන් බවට පත්කර තිබෙනවා. මේ දේශපාලනය පාතාලයට ආරක්ෂාව දී ගොඩනැඟුවා. සූර්යවැවේ වම්බොට්ටලා, බෙලිඅත්තේ චණ්ඩි මල්ලිලා, කිරි පෙව්වේ කවුද කියලා අපි දන්නවා. මේ පාතාලය අපේ රටේ ව්‍යාපාරිකයන්ව, පොදු සමාජය බියගන්වමින් තිබෙනවා. මේ ප්‍රශ්නය නීතියේ ආධිපත්‍යය පිහිටුවීමෙන් අකුරටම විසඳන්නේ ජාතික ජන බලගවේගයෙන් පමණයි.

අද ඈත ගම්දනව් දක්වා කුඩු ව්‍යසනය පැතිරී තිබෙනවා. කුඩු ව්‍යාපාරයට රැකවරණය දෙන්නේ දේශපාලකයෝ. ගම්දනව් කොතරම් විනාශ වුණත් සල්ලි පස්සේ දුවනවා. කුඩු ව්‍යාපාරය සහතික වශයෙන්ම අපි නතර කරනවා. හැප්පිලා බලමු. මේ සමාජය ගැන, දරුවෝ ගැන, වගකියන පාලනයක් අපිට ඕනෑ. පුරවැසියන්ගේ ජීවිතවලට වගකියන්න ඕනෑ. දරුවන්ගේ අනාගතය ගැන වගකියන්න ඕනෑ. මේගොල්ලෝ වගකියන්නේ තමන්ගේ පවුලටයි දරුවන්ටයි විතරයි. නමුත් සමාජයට, සෑම ජීවිතයකටම වගකිය පාලනයක් අපට ඕනෑ. ලෝකයේ ආණ්ඩු එහෙමයි. ඒ තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ඒ වෙනුවෙන් විශාල සමාජ පරිවර්තනයක් කරන්න ජාතික ජන බලවේගය රටේ පාලන බලය අත්පත් කර ගන්න ඕනෑ. බලය ඒ ගොල්ලන්ගේ අතින් පොදු ජනතාව අතට මාරු කරන්න ඕනෑ. මේ චෞර කණ්ඩායම කුමන්ත්‍රණ කරමින් යටිකූටටු වැඩ කරමින් රාජ්‍ය බලය, මුල්‍ය බලය, සහ මාධ්‍ය බලය යොදාගෙන මොන සෙල්ලම් දැම්මත් ජනතාව අරගෙන තිබෙන තීන්දුවෙන් එක පියවරක් වත් පස්සට නොගන්නා බව මේ වත්තල ජනතාව ඔප්පු කර තිබෙනවා. ලෝකය දැකපු ලංකාවෙන් පිටත ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් ජාතික ජන බලවේගය වටා ඒකරාශී වෙමින් සිටිනවා.

අපේ බොහෝ අය ලෝකය දැක නැති නිසා මේක තමයි ජීවිතය කියා හිතනවා. නමුත් මේක ලෝකයත් නොවෙයි, ජීවිතයත් නොවෙයි. දරුවන් පිළිබඳ තිබෙන අපේක්ෂාව, ඔවුන්ගේ අනාගතය පිළිබඳ තිබෙන අපේක්ෂාවන් වර්ධනය කරන්න ඕනෑ. ඔවුන්ගේ අනාගතය ගැන තිබෙන බය අපි තුරන් කරන්න ඕනෑ. ඒ නිසා අපි එක සැරයක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදමු. ඒ වගකීම අපට අත්හරින්න බැහැ. එක වරක් ආණ්ඩුවක් හදන ජනතාවට හිතෙයි අපි මෙච්චර ප්‍රමාද වුණේ ඇයි කියලා? ඔබ අප කෙරෙහි බලාපොරොත්තුව, විශ්වාසය, අපේක්ෂාව, බිඳුවකින්වත් අඩු නොවෙන පාලනයක් අපි පිහිටුවනවා. ඒ නිසා ඔබ සෑම දෙනාම මෙ රටට අද සිදුවී තිබෙන විනාශය සහ ඛේදවාචකය අනික් අයට කියා දෙන්න. එයින් ගොඩ එන මාවත කියා දෙන්න. මහා ජන සන්නිපාතයක් ලෙස බලගතුම ජනතාවාදී ආණ්ඩුවක් අපි පිහිටවමු. ඒ වෙනුවෙන් එකතු වෙන්න, පෙරට එන්න යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 4
Previous Post

කෘත්‍රීම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ද ජාතන්තර සමුළුවට ඇමැති ටිරාන් සහභාගී වෙයි

Next Post

සේවා දිගුවලින් තවදුරටත් පොලිස්පති ධුරයේ රැඳී ඉන්න ලැජ්ජා නැද්ද? – මන්ත්‍රී නිමල්

editor

editor

Next Post

සේවා දිගුවලින් තවදුරටත් පොලිස්පති ධුරයේ රැඳී ඉන්න ලැජ්ජා නැද්ද? - මන්ත්‍රී නිමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved