27 April 2024
#දේශීය

සේවා දිගුවලින් තවදුරටත් පොලිස්පති ධුරයේ රැඳී ඉන්න ලැජ්ජා නැද්ද? – මන්ත්‍රී නිමල්

සේවා දිගු මගින් දිගින් දිගටම පොලිස්පති ධුරයේ රැඳී සිටීමට හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කිරීම නීති විරෝධී පමණක් නොව සදාචාර විරෝධී මෙන්ම ලැජ්ජා, බිය නොමැති ක්‍රියාවක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද(10) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ 36 වන පොලිස්පතිවරයා ලෙස පත්වීමට නිසි සුදුසුකම් සපුරා තිබෙන තමන්ට පහළින් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඇති අවස්ථාවන් අහුරමින් අනීතිකව කටයුතු කරන වත්මන් පොලිස්පතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගැනීමට හැකි බවට ද නිමල් පියතිස්ස මහතා අනතුරු ඇඟවීය.

එසේ වුවහොත් අසහනයට පත් වූ පොලිස් නිලධාරීන් තම කූඨ අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට අන්තවාදී, ජාතිවාදී කල්ලි කණ්ඩායම්, ඩොලර් මගින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන, පාතාල කල්ලිවලට පහසු ඉඩකඩක් නිර්මාණය වන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *