27 April 2024
#දේශීය

උතුරු මැද පළාත් ජාතික ‌මහා ක්‍රීඩා උළෙලට යන ක්‍රිඩකයින්ට මන්ත්‍රී දුමින්දගෙන් පාවහන්

47 වැනි ජාතික ‌මහා ක්‍රීඩා උළෙලෙහි පිරිමි ක්‍රිකට් තරඟාවලිය සඳහා උතුරු මැද පළාත් කණ්ඩායම නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරඟකරුවන් සඳහා අවශ්‍යය ක්‍රීඩා පාවහන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා විසින් ඊයේ (26) දින පරිත්‍යාග කරනු ලැබීය.

47 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ඇඹිලිපිටියේදී ඉදිරි දින වලදී පැවැත්වීමට නියමිතය.

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලලෙහි පිරිමි ක්‍රිකට් තරඟාවලිය සඳහා තරඟ කරන උතුරු මැද පළාත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් 11 දෙනෙකුම අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් සඳහා අවශ්‍යය උසස් තත්වයේ ක්‍රීඩා පාවහන් පසුගියදා , දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් විසින් පරිත්‍යාග කරනු ලැබීය.ගලෙන්බිදුණුවැව කණිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී මෙම පරිත්‍යාගයන් සිදු කරනු ලැබිණි.

මෙම එක් ක්‍රීඩා පාවහන් යුගලයක් රුපියල් 20 000 කට ආසන්න වටිනාකමකින් යුතු අතර, එවැනි පාවහන් යුගල් 15 ක් ක්‍රීඩකයින් වෙත එහිදී ප්‍රදානය කෙරිණි.

මෙම ක්‍රිකට් කණ්ඩායම කළ ඉල්ලීමකට අනුව අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ මැදිහත්වීමෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා විසින් මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබීය.

මෙම අවස්ථාවට ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නාමල් විජේවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රීඩා නිළධාරීතුමන්, අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති තිළිණ නිරෝෂණ් පෙරේරා යන මහත්වරුන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *