යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට ගලකින් පහරදුන් බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මල්ලාකම් අධිකරණය නියෝග කර තිබේ. ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් පසුගිය 25 වනදා ඇති වූ මෙම ගැටුමේදී මන්ත්‍රීවරයා සිදුකළ පැමිණිල්ලකට අනුව ඉලවාලි පොලීසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. පහර කෑමට ලක්වූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත වී ඇති අතර, මෙම සිදුවීමට අදාළ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ ප්‍රබල ලෙස සංසරණය වෙමින් පවතී. එම වීඩියෝ දර්ශනවල මන්ත්‍රීවරයා සහ අදාළ කාන්තාව අතර දැඩි බහින්බස් වීමක් සිදුවන ආකාරයත්, එම අවස්ථාවේ මන්ත්‍රීවරයා සන්තකයේ ගිනි අවියක් ඇති ආකාරයත් දැකගත හැකි බව වාර්තා වේ.














