• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විද්‍යාව තුළින් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගනී

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

8 April 2026
in දේශීය, පුවත්
විද්‍යාව තුළින් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගනී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
විද්‍යාව පදනම් කරගෙන කටයුතු කිරීම යනු සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය ශක්තිමත් කිරීම බවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා දිගුකාලීන ආයෝජනයක් අවශ්‍ය බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. විද්‍යාව පෙරදැරි කරගෙන ලබන ජයග්‍රහණ විශේෂයෙන්ම අව වරප්‍රසාදිත ජනතාව වෙත සමීප කරවීම රජයේ ප්‍රධාන අභිලාෂය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) නව දිල්ලියේ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ (WHO SEARO) පැවති “2026 ලෝක සෞඛ්‍ය දිනය” නිල සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක්වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ වත්මන් සභාපතිවරයා වශයෙනි. මෙවර සැමරුම් උළෙල “Together for Health: Stand with Science” යන තේමාව යටතේ සංවිධානය කර තිබුණි.
මෙහිදී අමාත්‍යවරයා අතින් දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් ‘Banyan Framework for Health and Well-Being 2026–2028’ වැඩපිළිවෙළ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂවරයාගේ 2025 වාර්තාව නිල වශයෙන් එළිදැක්වීම ද සිදුකෙරිණි. ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ දත්ත මත පදනම්ව සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කර ඇති බවත්, මාතෘ හා ළදරු සෞඛ්‍යයේ රෝග නිවාරණයේදී ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණවල පදනම විද්‍යාව හා මහජන විශ්වාසය බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශයේ ලේකම් පුන්‍යා සලිලා ශ්‍රීවාස්තවා මහත්මිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බෝම් මහත්මිය ඇතුළු කලාපීය සෞඛ්‍ය නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලය, ලෝක ජනගහනයෙන් බිලියන දෙකකට ආසන්න පිරිසකගේ සෞඛ්‍ය සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම ආයතනයයි.
Post Views: 4
Previous Post

ට්‍රම්ප්ගේ සහය ලැබූ ක්ලේ ෆුලර් ජෝර්ජියා ප්‍රාන්තයේ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබයි

Next Post

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මූල්‍ය ක්ෂේත්‍රයේ AI තාක්ෂණය සඳහා  Cloud පද්ධති වඩාත් යෝග්‍ය බව  AWS Korea පවසයි

මූල්‍ය ක්ෂේත්‍රයේ AI තාක්ෂණය සඳහා Cloud පද්ධති වඩාත් යෝග්‍ය බව AWS Korea පවසයි

10 April 2026
නීතිවිරෝධී තීරුබදු වෙනුවෙන්  ගෙවූ මුදල් ආපසු ලැබෙයිද?

නීතිවිරෝධී තීරුබදු වෙනුවෙන් ගෙවූ මුදල් ආපසු ලැබෙයිද?

10 April 2026
Google DeepMind වෙතින්  Gemma 4 එළිදක්වයි

Google DeepMind වෙතින් Gemma 4 එළිදක්වයි

10 April 2026
මාතර සමූපකාර රෝහලේ  හිටපු සභාපති චමින්ද ගුණසේකර  මූල්‍ය වංචා චෝදනාවකට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  අත්අඩංගුවට

මාතර සමූපකාර රෝහලේ හිටපු සභාපති චමින්ද ගුණසේකර මූල්‍ය වංචා චෝදනාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මූල්‍ය ක්ෂේත්‍රයේ AI තාක්ෂණය සඳහා  Cloud පද්ධති වඩාත් යෝග්‍ය බව  AWS Korea පවසයි

මූල්‍ය ක්ෂේත්‍රයේ AI තාක්ෂණය සඳහා Cloud පද්ධති වඩාත් යෝග්‍ය බව AWS Korea පවසයි

10 April 2026
නීතිවිරෝධී තීරුබදු වෙනුවෙන්  ගෙවූ මුදල් ආපසු ලැබෙයිද?

නීතිවිරෝධී තීරුබදු වෙනුවෙන් ගෙවූ මුදල් ආපසු ලැබෙයිද?

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved