රජය විසින් ක්‍රියාත්මක කරන මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට යන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය. වී මිලදී ගැනීමේ කටයුතු සිදුවන ආකාරය සෘජුවම සොයා බැලීම සඳහා ඒ මහතා පසුගියදා විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී ඇඹිලිපිටිය මොරකැටිය වී ගබඩා සංකීර්ණය වෙත ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා, වී අලෙවි කිරීම සඳහා පැමිණ සිටි ගොවීන් හමුවී ඔවුන් මුහුණ දෙන ගැටලු සහ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව අදහස් හුවමාරු කරගත්තේය. ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී කීර්තිලාල් මහතා සහ උපසභාපති සුසිල් වෙළගෙදර මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රජයේ මැදිහත් වීම මත සහතික මිලකට වී මිලදී ගැනීම හරහා මෙවර මහ කන්නයේ අස්වැන්න නෙළන ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමට කටයුතු යොදා ඇති බව මෙහිදී අවධාරණය කෙරිණි.














