පෘථිවි කක්ෂය වටා පැය 23කට අධික කාලයක් සාර්ථකව ගමන් කිරීමෙන් අනතුරුව නාසා (NASA) ආයතනයේ ඔරායන් (Orion) අභ්‍යවකාශ යානය මේ වන විට සඳ වෙත ළඟාවීම සඳහා වූ සිය ගමන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නාසා ආයතනය අද (අප්‍රේල් 3) අලුයම නිල වශයෙන් නිවේදනය කළේ, දැනට පවතින වේගය සහ ගමන් පථය අනුව තවත් දින 4ක පමණ කාලයකින් ඔරායන් යානයට සඳ ආසන්නයටම ළඟා වීමට වැඩි ඉඩක් පවතින බවයි. අමෙරිකානු වේලාවෙන් පසුගිය බදාදා දිනයේදී ආරම්භ වූ මෙම ඓතිහාසික මෙහෙයුම පෙර සැලසුම් කළ පරිදිම කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
සියල්ල සැලසුම් කළ පරිදි සිදු වුවහොත් එළඹෙන අප්‍රේල් මස 6 වැනිදා වන විට පෘථිවියේ සිටින මිනිසාට කිසිදා සෘජුව දැකගත නොහැකි, සඳෙහි අඳුරු පැත්ත හෙවත් අනෙක් පස (Far side of the Moon) වටා ගමන් කිරීමට ඔරායන් යානයට අවස්ථාව උදාවනු ඇති. මෙය වසර 50කට වඩා වැඩි කාලයකට පසුව මිනිසුන් සහිතව සඳේ කක්ෂය වෙත සිදු කෙරෙන ප්‍රථම අභ්‍යවකාශ මෙහෙයුම ලෙස ඉතිහාසයට එක් වීමට නියමිතයි.
















