• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘ජාතික සභාව’, පාර්ලිමේන්තු ක්‍රමයේ කොටසක් කරනවා – අගමැති

20 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරමින් අභිනවයෙන් ස්ථාපිත කරන ‘ජාතික සභාව’ , පාර්ලිමේන්තු ක්‍රමයේ කොටසක් බවට පත් කිරීමට හැකියාව ලැබෙන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා අද (20) දින පාර්ලිමේන්තුවේදී පැවසුවේ මෙම සභාවේදී සියලු තීරණ ඒකමතිකව ගැනීමට පක්ෂ නායකයන් එකඟ වී ඇති බවයි.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ ‘ජාතික සභාවේ’ අධිකාර බලය සහ පොදු වගකීම් පැහැදිලි කළේය.

කෙටි, මධ්‍යම, සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීම, ඉන් එකකි. ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සම්බන්ධයෙන් එකඟතාවය ඇති කිරීම සහ මධ්‍යම කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇතිකර ගැනීම, තවත් වගකීමකි. අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්, ජාතික සභාව, විශේෂ කාරක සභාවල සභාපතිවරයන් සහ යොවුන් සංවිධානවල යොවුන් නිරික්ෂකයන් සහභාගී වන විශේෂ රැස්වීම් වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීමද මීට පැවරේ. ආංශික අධීක්ෂණ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක් වෙතින් වාර්තා කැදවීමේ බලයද ‘ ජාතික සභාව’ට හිමිවේ. මෙහි ප්‍රධානත්වය කථානායකතුමාට හිමිවන අතර අග්‍රාමාත්‍යතුමා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශවයේ නායකවරයා, ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරයා මෙන්ම දේශපාලන පක්ෂවල නායකයන් විසින් තීරණය කරන ලද පරිදි ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ වලින් නව වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තිස්පහකට (35) නොවැඩි සංඛ්‍යාවක් මෙහි සාමාජිකයෝ වෙති.

 

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

 

“ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ” අද දින පාර්ලිමේන්තුව හමුවට ජාතික සභාවක් ස්ථාපනය කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සියලු පිළිගත්ත දේශපාලන පක්ෂ සහ නායකයන් විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇති කරගත්ත එකඟතාවය මතයි. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව අමතන ලද කතාවේද මේ බව සඳහන් කරනු ලැබුවා. ඒ අනුව ඉදිරියට යමින් එම සාකච්ඡාව ඵලදායීතත්ත්වයට ගෙන ඒම සඳහා මේ ජාතික සභාවේ කර්තව්‍ය සාර්ථක කර ගැනීමට සියලු දේශපාලන නායකයන්ගේ එකඟතාවය ලබා ගෙන තිබෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා අපේ රටේ කෙටි, මධ්‍යම, දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතාවය නියම කර ගැනීමටද, අප රට මුහුණ දෙන ආර්ථික සවිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන පොදු අවම වැඩ සටහන් සම්බන්ධයෙන් එකඟතාවයන් ඇති කර ගැනීමටද, ඒ වගේම ඒ අනුවඅමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයා ජාතික සභා විශේෂ කාරක සභාවල සභාපතිවරුන් හා යොවුන් සංවිධානවල නිරීක්ෂකයන්ද කැඳවා විශේෂ රැස්වීම් පැවැත්වීමටද සුවිශේෂ අවස්ථාවකට මේ ජාතික සභාව පරිවර්තනය වීමට හැකියාව තිබෙනවා. ඒ සමඟම ආංශික අධීක්ෂණ කාරක සභාවව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, අලුතෙන් ඇතිවන බැංකු කටයුතු මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව , ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව, ආර්ථික සවිකරණය පිළිබඳ කාරක සභාව හා රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක් කැඳවීමට ද සාකච්ඡා කරවා එකඟතාවයන්ට පැමිණීමට ද ජාතික සභාවට හැකියාව ඇතිවෙනවා. ඒ අනුව නව පරිච්ඡේදයක් පාර්ලිමේන්තුවේ ඇති කර ගැනීමට පුළුවන් වී තිබෙනවා. සියලු දේශපාලන පක්ෂ හා නායකයන් ජනාධිපතිතුමා සමඟ රජයට මේ පිළිබඳව දක්වන ලද විවිධ සාකච්ඡාවලදී එකඟතාවයන්, යෝජනාවන් මේ ලෙස තව ඉදිරි පියවරක් ලෙස අපට ගමන් කරන්න පුළුවන් බව ඇති වෙනවා. විශේෂයෙන් මෙම කාරක සභාව මෑත කාලයේ ජාතික වූ බරපතලම අභියෝගය වන ආර්ථික අර්බුදය, මූල්‍යමය අර්බුදය, ණය ගෙවීමේ අර්බුදය හා පොදු ජනතාවට බලපාන ජන ජීවිතයන් සුරක්ෂිත කර සහාය වීම සඳහා වූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලටද සාකච්ඡා කොට මඟ පෙන්වීමට හැකියාව ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ එකඟතාවයක් ඇති වෙලා තිබෙනවා මේ පිළිබඳ මන්ත්‍රීවරු 37ක්. තව තිදෙනෙක් පිළිගත් දේශපාලන පක්ෂවලින් ද අන්තර්ගත වෙනවා. ඒ වගේම, ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ජාතික සභාව ඇති කිරීමේ යෝජනාව මා කියන්න ඕනේ බොහොම නිහතමානීවම ප්‍රති පක්ෂයෙන් ඉදිරිපත් වෙච්චි යෝජනාවක්. මේ පිළිබඳ මාර්තු මාසයේ තුන්වෙනි සතියේ එවකට ජනාධිපතිතුමා සමඟද සාකච්ඡා වාරයක් දේශපාලන පක්ෂ නායකයන් පැවැත්වුවා. ඒ සමඟම වර්ධනය වෙමින් සාකච්ඡාව ඵලදායී බවට පරිවර්තනය කර ගන්නට හැකියාව මත පාර්ලිමේන්තුව මේ පිළිබඳ විශේෂ යෝජනා සම්මතකින් කාරක සභා ඇති කර ගැනීමට අවශ්‍ය වන නිසා මෙම ජාතික සභාව තුළ අපි තුන් වාරයක් මෙය සාර්ථක කර ගැනීම සඳහා සාකච්ඡාවල් පැවැත්වුවා. සියලුම දේශපාලන පක්ෂ මේ ජාතික සභාව ඇති කර ගැනීමේ වුවමනාව සඳහා ඒ සාකච්ඡාවල්වලට පැමිණියා. එමඟින් සර්ව පාක්ෂික එකඟතාවයක් ඇති කර ගැනීමට පුළුවන්කමට අපට පිවිසෙන්නට හැකියාව තිබෙනවා. රජය හැටියට පාර්ලිමේන්තුව හමුවේ අගමැතිතුමා හැටියට මම ප්‍රකාශ කරන්ට ඕනේ, මෙම ජාතික සභාව ඉදිරියට ගෙන යාම සඳහා අපි ඇති කර ගත්තා වූ එකඟතාවයන් මත කටයුතු කිරීමට අපි සක්‍රීයව හවුල්කාරීත්වය දක්වන්නේ ගරු කථනායකතුමාගේ සභාපතිත්වයෙන් මේ කාරක සභාව පිහිටවීමෙන් තවදුරටත් එය ශක්තිමත්, පාර්ලිමේන්තු ක්‍රියාවලියේ කොටසක් බවටද පරිවර්තනය කරගන්න පුළුවන් වෙනවා. අපි මූණ දෙන අර්බුදයේ බරපතලකම යළි යළි මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන්නට අවශ්‍ය වන්නේ නෑ. යම්කිසි කාල පරිච්ඡය සති ගණනාවක් හරහා පාර්ලිමේන්තුව විසින් අතිමහත් බහුතර ඡන්දයෙන් තොරාගත් ජනාධිපතිතුමාට මෙන්ම, ජාත්‍යන්තරව රට මුහුණ දුන්නු යම් යම් බරපතල තත්ත්වයන් පිළිබඳ සාකච්ඡාවල් හමාර කර ගැනීමට පුළුවන්කමට පරිවර්තනය කරගන්න හැකි වුණා. ඒ පිළිබඳ විරුද්ධ පක්ෂයද සහභාගී වී සහයෝගය දුන් නියෝජිත මහත්වරුන්ට, මන්ත්‍රීවරුනට අපි ස්තූතිවන්ත වෙනවා. අපට මුහුණ දෙන්නේ අපි මුහුණ නොදුන්නු අර්බුදයකට හා අභියෝගයකට. එයින් ගොඩ ඒමේ ඕනෑකම සඳහා අපේ රටේ පාර්ලිමේන්තුව, නායකත්වය පමණක් නොව ජාතික නිෂ්පාදනය මෙහෙයවන අපේ රටේ කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවද, ධීවර හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි යෙදෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කර්මාන්තයන්ද ඒ වාගේම අපේ රටේ සුළු කාර්මිකයන් ඇතුළු අති මහත් බහුතරයගේ එකමුතුවෙන් ආර්ථික නිෂ්පාදනය වැඩි කරමින් විදේශ විනිමය වැඩියෙන් උපයා ගත හැකි අනාගතයකට රට පරිවර්තනය කරන්න එකඟතාවයෙන් වැඩ කළ හැකි වැඩපිළිවෙළවල් මෙම ජාතික සභාවේ ඇති කර ගන්න පුළුවන්කම ඇති වෙනවා. එකඟතාවයක් පැමිණියා, ජාතික සභාවේ කටයුතු ඒකමතිකව ගන්න තීරණ බවට පරිවර්තනය කරගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙයි කියලා. මම මෙයට වඩා කාල වේලාව ගන්නේ නැහැ. ඉතාමත් වැදගත් කර්තව්‍යයකට ප්‍රමාද වන්න පුළුවන් සමහරු බලන කෝණයන්ගෙන්, නමුත් ස්ථාපිත ස්ථාවර වැඩ පිළිවෙළකට අපට අවතීරණ වන්න පුළුවන්කමක් ඇති වී තිබෙනවා. පාර්ලිමේන්තුව අමාත්‍ය මණ්ඩලයට හා කැබිනට් මණ්ඩලය වාගේම අදාළ නිලධාරීන් වෙනදාට වැඩි බලයක් මත, කැඳවා සාකච්ඡා කොට තීරණ නිර්දේශ කරගන්න පුළුවන් අවස්ථාව සුවිශේෂයි. 1931 සිට විධායක කාරක සභා ක්‍රමය ආරම්භ වී එලෙස ස්ථාපිත වූ සර්ව පාක්ෂික එකඟතාවයන් මත ඉදිරියට ගමන් කළ හැකි ලෙසට අපිට පරිවර්තනය වී කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවනම් ජනවරම හා ජනමතය සහභාගි ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතිකර ගැනීමේ අනාගතය සඳහා මේ අභියෝගය ජයගෙන පරිවර්තනයක් කරන්න පුළුවන් අරමුණු කරා මෙම ජාතික සභාව කටයුතු කරන්න බලාපොරොත්තු වන බව සඳහන් කරමින්, මෙය සර්ව පාක්ෂික එකඟතාවයක් ඇති කරගෙන තිබෙන නිසා මෙය සම්මත කර ගැනීම සිදුකරගෙන ඒ මත විවාදයන් ඉදිරියට ගෙන යාම සිදුවන්නේ නම් එය විශාල ආදර්ශයක් බවටද පත් වෙයි කියලා මම හිතනවා. නියෝජ්‍ය කථානායකතුමා සභාවේ ඉන්නවා. සර්ව පාක්ෂිකව, විපක්ෂය ඇතුළු සර්ව පාක්ෂික නායකයන්ට මේ අවස්ථාවේදී යෝජනා කරනවා, එසේ එකඟතාවයෙන් වැඩකරමු කියා.”යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 6
Previous Post

පුංචි ඡන්දය ගැන නීතියෙන් පිට කිසිවක් කරන්නේ නැහැ – අගමැති

Next Post

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව සටන් කරමු – බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුම්

editor

editor

Next Post

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව සටන් කරමු - බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved