27 April 2024
#දේශීය

පුංචි ඡන්දය ගැන නීතියෙන් පිට කිසිවක් කරන්නේ නැහැ – අගමැති

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ, අනුගමනය කළ යුතු පිළිවෙත් අනුව නීත්‍යානුකූලව බවත්, නීතියෙන් පිට කිසිවක් නොකරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී, පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේ පවත්වන්නේදැයි, විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂය කලබල වූවාට සියල්ල සිදු නොවන බවත්, නීතිය අනුව ඒ පිළිබඳ කටයුතු කරන බවත්, නීතියෙන් පිට කිසිවක් සිදු නොකරන බවත්ය.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයාද වූ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, දීර්ඝ කාලයක් සාකච්ඡා කර එම කාරක සභාව දුන් නිර්දේශ ගැන ඇතැම් නීති කෙටුම්පත් සකස් කර ඉදිරිපත් කර ඇති බවය.
ඇතැම් කෙටුම්පත් මැතිවරණ කොමිෂන් සභාව අධ්‍යයනය කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය. මැතිවරණ කොමිෂන් සභාවටද හිමි බලතල ප්‍රමාණයක් ඇති නිසා, තවම ගෙවෙන්නේ සැප්තැම්බර් මාසය වන නිසා කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන්නැයිද අග්‍රාමාත්‍යවරයා සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *