• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ආරක්ෂක විද්‍යාලය ජනපති අතින් දැයට දායාද කෙරේ

11 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික ආරක්ෂක විද්‍යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (11) පෙරවරුවේ දැයට දායාද කෙරිණ.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරණ විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස්ම අධ්‍යයන හා පර්යේෂණ ආයතනය මෙයයි.

ජාතික අවශ්‍යතා තහවුරු කිරීම සඳහා ජාතික ආරක්ෂාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා රාජ්‍ය ප්‍රතිපත්ති අංශයන්හි උපායමාර්ගික චින්තකයින් සහ නායකයින් බිහි කිරීම “ජාතික ආරක්ෂක විද්‍යාලයේ” මෙහෙවර ලෙස සැලකේ.

ගාලුපාරේ, කොළඹ 03 පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයට අයත් දිගු ඉතිහාසයක් ඇති “මුම්ටාස් මහල්” ගොඩනැගිල්ලේ “ජාතික ආරක්ෂක විද්‍යාලය” ස්ථාපිත කර තිබේ. එහි ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා අධ්‍යයන පහසුකම් නිරීක්ෂණය කළේය. අනතුරුව “ජාතික ආරක්ෂක විද්‍යාලයේ” නිල වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

කොළඹ විශ්වවිද්‍යාලය, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියානු ආරක්ෂක පුහුණු විද්‍යාලය, ඇමරිකාව හා පකිස්ථානය යන රටවල විශේෂඥයෝ මෙහි විෂය නිර්දේශ කමිටුවේ සම්පත්දායකයෝ වූහ. චීන රජය අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් හා පකිස්ථාන රජය පුස්තකාලයක් ඉදිකිරීමට දායකත්වය සපයා ඇති අතර පුස්තකාලය සඳහා පොත් ලබාදීම ඕස්ට්‍රේලියානු රජය හා ත්‍රිවිධ හමුදාව විසින් සිදු කර තිබේ.

මෙහි ප්‍රථම පාඨමාලාව හෙට සිට 2022 අගෝස්තු මාසය දක්වා මාස 10ක කාලයක් පූර්ණ කාලීනව පැවැත්වේ. ඊට ත්‍රිවිධ හමුදාවේ නිලධාරීහු 27 දෙනෙක් සහ පොලීසියේ නිලධාරීහු 04 දෙනෙක් තෝරාගෙන සිටිති.

ශ්‍රී ලංකාවේ “ජාතික ආරක්ෂක විද්‍යාලය” පිහිටුවීම දිගුකාලීන අවශ්‍යතාවක ඉටු වීමක් බව ජනාධිපති රාජපක්ෂ මහතා උත්සව සභාව අමතමින් සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට ක්‍රමෝපායික අධ්‍යාපන අවස්ථා ලබාගැනීම සඳහා විදේශ අධ්‍යාපන ආයතනවල පවතින අවස්ථා සෙවීම හැර වෙනත් විකල්පයක් නොතිබිණ. සෑම වසරකම මිත්‍ර ජාතීන් පිරිනමනු ලබන පාඨමාලා නිලධාරීන් කිහිපදෙනෙකුට විශාල ප්‍රතිලාභයක් සැලසුව ද, තවත් බොහෝ පිරිසකට අවස්ථාව අහිමි වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එම නිසා මෙම විද්‍යාලය පිහිටුවීමෙන් සෑම වසරකම එවැනි අත්දැකීම් ලැබිය හැකි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සංඛ්‍යාව විශාල ලෙස වැඩි වේ. මෙම පාඨමාලාව හදාරන නිලධාරීන්ට ඉදිරියේ දී ජ්‍යෙෂ්ඨ ආඥාපති තනතුර දැරීමට මෙන්ම හමුදාපති තනතුර දැරීමට ද අවස්ථාව උදාවිය හැකි බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, විශ්වවිද්‍යාල කුලපතිවරු සහ උපකුලපතිවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 0
Previous Post

සමාජ සේවා දෙපාර්තමේන්තුවට නව මානව සංවර්ධන මධ්‍යස්ථානයක්

Next Post

port city මඟින් දළ දේශීය නිෂ්පාදිතයට ඩොලර් බිලියන 13.8 ක් එකතු විය හැකියි – PwC

editor

editor

Next Post

port city මඟින් දළ දේශීය නිෂ්පාදිතයට ඩොලර් බිලියන 13.8 ක් එකතු විය හැකියි - PwC

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025
විදුලි බිල වැඩි වෙනවා

විදුලි බිල වැඩි වෙනවා

20 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධ කළේ සාමය වෙනුවෙන් – මහින්ද රාජපක්ෂ 

20 May 2025
ලංකාවේ ප්‍රථම මී මැසි උයන විවෘත කරයි.

ලංකාවේ ප්‍රථම මී මැසි උයන විවෘත කරයි.

20 May 2025

Recent News

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025
විදුලි බිල වැඩි වෙනවා

විදුලි බිල වැඩි වෙනවා

20 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධ කළේ සාමය වෙනුවෙන් – මහින්ද රාජපක්ෂ 

20 May 2025
ලංකාවේ ප්‍රථම මී මැසි උයන විවෘත කරයි.

ලංකාවේ ප්‍රථම මී මැසි උයන විවෘත කරයි.

20 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025
විදුලි බිල වැඩි වෙනවා

විදුලි බිල වැඩි වෙනවා

20 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved