• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

port city මඟින් දළ දේශීය නිෂ්පාදිතයට ඩොලර් බිලියන 13.8 ක් එකතු විය හැකියි – PwC

11 November 2021
in ව්‍යාපාර
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

PwC සමාගම, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ තම නවතම වාර්තාව 2021 නොවැම්බර් 09 දින ආර්ථික කොමිසම හමුවට ඉදිරිපත් කළේ ය.

සාර්ව ආර්ථික විචල්‍යයන් 5 කට, එනම් රැකියා නියුක්තිය, දළ දේශීය නිෂ්පාදිතය, සෘජු විදේශ ආයෝජන, ගෙවුම් ශේෂය සහ රජයේ ආදායම යන අංශ වලට, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මගින් ලැබෙනු ඇති දායකත්වය මෙම වාර්තාව තුළදී විශ්ලේෂණයට ලක්කර තිබේ.

මෙම අධ්‍යයනයේ මුල් වාර්තාව 2020 වර්ෂයේදී පිළියෙල කරන ලද අතර, එහි 2021 නොවැම්බර් යාවත්කාලීන කිරීම මගින්, කොළඹ වරාය නගරය ‘විශේෂ ආර්ථික කලාපයක්’ බවට පත්කිරීම සහ, එහි ව්‍යපෘති සමාගම වන CHEC Port City Colombo (පුද්.) සමාගම ක්‍රියාවට නංවා ඇති පංච වාර්ෂික ක්‍රමෝපාය මගින් ඇතිවන සාධනීය බලපෑම් ගවේෂණය කර ඇත.

ඉහළ ආර්ථික වටිනාකමක් සහිත නවීන සේවාවන් වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවාවන්, නාවික සේවාවන් හා මූල්‍ය සේවාවන් යනාදිය සම්බන්ධයෙන් ගත්විට කොළඹ වරාය නගරයට විශේෂ වැදගත්කමක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව වේගයෙන් වර්ධනය වන කලාපයක් තුළ ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබීම, සුදුසුකම් සහිත වෘත්තිකයන් බහුල වීම, වියදම් අවම වීම සහ විශේෂ ආර්ථික කලාප විධිවිධාන මගින් ව්‍යාපාර කටයුතු සිදුකිරීම වඩාත් පහසු කර තිබීම වැනි සාධක මෙහිදී විශේෂයෙන් බලපානු ඇත.

කොළඹ වාණිජ අගනගරයේ දිගුවක් ලෙස සාගරය ගොඩකර ඉදිරිකරන ලද කොළඹ වරාය නගරය, විශාල සංචාරක ආකර්ෂණයක්ද දිනාගනු නිසැක ය. මූලික සැලසුම යටතේ වරාය නගරය තුළ සුඛෝපභෝගී හෝටල් 4 ක් සහ නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා ස්ථාන 5 ක් වෙන්කර ඇති අතර, ඒ අනුව සමස්තයක් ලෙස සංචාරකයන් සඳහා හෝටල් කාමර 2,900 ක් පමණ වෙන්වෙනු ඇත. මේ සියල්ල නිසා කොළඹ වරාය නගරය ලොව පුරා වෙසෙන සංචාරකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වනු ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙයි.

මෙය අති-දැවැන්ත නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් නිසා, මෙය සම්පූර්ණ වීමට වසර 20 ක් පමණ ගතවනු ඇති අතර, ඇමරිකානු ඩොලර් බිලියන 12.7 ක පමණ අතිරේක ආයෝජනයක්ද අවශ්‍ය වේ. එම ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා මෙන්ම, සමස්තයක් ලෙස රටේ අනාගත සංවර්ධනය අපේක්ෂිත මට්ටම වෙත රැගෙන යාම සඳහා, ගෝලීය වශයෙන් තරගකාරී ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම අතිශයින් වැදගත් වනු ඇත.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් හා මෙහෙයුම් කටයුතු සැලසුම් කළ ආකාරයට සිදුවන්නේ නම්, ශ්‍රී ලංකාවට මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභ රාශියක් හිමිවනු ඇති බව මෙම වාර්තාව පැහැදිලිව පෙන්වා දෙයි. කොළඹ වරාය නගරය රටේ ආර්ථිකය සමග පූර්ණ වශයෙන් සම්බන්ධ කරන්නේ නම්, එහි ඉදිකිරීම් හා මෙහෙයුම් යන අදියර දෙකේදීම, ජාතික ආර්ථිකයට පුළුල් දායකත්වයක් (සෘජු හා වක්‍ර ලෙස) හිමි වනු ඇති අතර, එය ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය උදෙසා බලපාන කේන්ද්‍රීය සාධකයක් වනු නො-අනුමාන ය.

 PwC නිල වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ මෙම වාර්තාව සම්පූර්ණ වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

පිටපත – PR

Post Views: 11
Previous Post

ජාතික ආරක්ෂක විද්‍යාලය ජනපති අතින් දැයට දායාද කෙරේ

Next Post

මුදල් ඇමැති වශයෙන් බැසිල්ගේ මංගල අයවැය අදයි

editor

editor

Next Post

මුදල් ඇමැති වශයෙන් බැසිල්ගේ මංගල අයවැය අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved