ජාතික අධ්‍යාපන ආයතනය විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපනවේදී, අධ්‍යාපනපති, අධ්‍යාපන දර්ශනපති, අධ්‍යාපන කළමනාකරණ විද්‍යාපති සහ අධ්‍යාපන කළමනාකරණපති උපාධි පාඨමාලා අවසන් කළ උපාධි අපේක්ෂකයින් සඳහා වන උපාධි ප්රදානෝත්සවය දෙසැම්බර් මස 27,28 දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණ.
ඒ අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙවර අධ්‍යාපන දර්ශනපති, අධ්‍යාපනපති, අධ්‍යාපන කළමනාකරණ විද්‍යාපති, අධ්‍යාපන කළමනාකරණපති සහ අධ්‍යාපනවේදී වශයෙන් විද්‍යාර්ථීන් 2283 දෙනෙකු වෙත උපාධි සහ පශ්චාත් උපාධි ප්රදානය කෙරිණි.
උපාධි ප්‍රදානෝත්සවයේ පළමු සැසියේ ප්‍රධාන දේශනය යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ශ්‍රී සත්කුලරාජා මහතා විසින් පවත්වන ලද අතර ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්රමුඛ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.