27 April 2024
#දේශීය

විදුලිබල මණ්ඩලයේ සේවාවන් පිළිබඳව ඇමැති කාංචන විදුලි සංගම් අතර සාකච්ඡා කෙරේ

විදුලිබල මණ්ඩලයේ සේවාවන් පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  මහතා විසින් විදුලි බල මණ්ඩලයේ විවිධ කේෂ්ත්‍රවල පිරිස් සමඟ ඊයේ (28) සාකච්ඡාවක නිරත විය. 

එහිදී යෝජිත විදුලි ගාස්තු සංශෝධනය, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම, වියදම් පාලනය කර ගැනීම ඇතුළු විදුලිබල මණ්ඩලයේ සේවාවන් පිළිබඳව  සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡා සඳහා  ඉංජිනේරු සංගමය, විදුලි අධිකාරිවරුන්ගේ සංගමය, සේවක පවුර, තාක්ෂණික සංගම් ඇතුළු විදුලිබල මණ්ඩලයේ විවිධ වෘත්තීය සමිති නියෝජනය කරන නිලධාරීන් සහභාගි විය.  

එමෙන්ම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන් සමග ද අමාත්‍යවරයා ඊයේ උදෑසන විශේෂ සාකච්ඡාවක නිරතවිය

Leave a comment

Your email address will not be published. Required fields are marked *