තරුණ විරැකියාවට විසඳුම් ලබා දෙමින් ජාතික යොවුන් සේනාංකය සහ Barista Coffee Lanka (පෞද්ගලික) සමාගම ඒකාබද්ධව සංවිධානය කළ බැරිස්ටා (Barista) වෘත්තීය පුහුණු පාඨමාලාවේ පළමු කණ්ඩායම සඳහා සහතිකපත් ප්‍රදානය ඊයේ (17) සිදු විය. තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේදී මෙම උත්සවය පැවැත්විණි.
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය සහිත NVQ 3 මට්ටමේ මාස 6ක පූර්ණකාලීන පාඨමාලාවක් ලෙස මෙය ක්‍රියාත්මක වූ අතර, පුහුණු කාලය තුළ සිසුන්ට රුපියල් 10,000ක දීමනාවක්, ආහාර සහ නිල ඇඳුම් ද හිමි විය
න්‍යායික පුහුණුවට අමතරව දිවයින පුරා පිහිටි බැරිස්ටා අවන්හල් ජාලය තුළ පැය 900ක ප්‍රායෝගික පුහුණුවක් (OJT) ලබා දී ඇති අතර, පාඨමාලාව සාර්ථකව අවසන් කළ සියලු දෙනාටම එම ආයතනයේම ස්ථිර රැකියා අවස්ථා හිමි විය
2030 වන විට සංචාරකයින් ලක්ෂ 30ක් මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමට මෙවැනි පුහුණු ශ්‍රමිකයින්ගේ දායකත්වය අතිශය වැදගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය
සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්මක් ලෙස ‘Lily Lanka App’ හඳුන්වා දීම සහ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විශේෂ ඉන්ධන QR ක්‍රමවේදයක් ලබා දීම වැනි රජයේ නව වැඩපිළිවෙළවල් සමඟ මෙම තරුණ පිරිසට ලැබුණු රැකියා අවස්ථා කාලෝචිත වේ.
මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ සභාපති නලින් රදම්පොල, අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල සහ Barista Coffee Lanka ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දිලුප පතිරණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.














