27 April 2024
#දේශීය

අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන්න නාවික හමුදා සහන කණ්ඩායම් සුදානම්

‍‍‍දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ගංඟා පිටාර මට්ටමට පැමිණීමෙන් ඇතිවිය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා අද (02) උදෑසන සිට නාවික හමුදා සහන කණ්ඩායම් 48 ක් සූදානමින් තබා ඇත.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත, අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇතිවිය හැකි හදිසි ගංවතුර තත්වයකදී පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීම සඳහා බටහිර නාවික විධානය මඟින් සහන කණ්ඩායම් 27ක් ද දකුණු නාවික විධානය මඟින් සහන කණ්ඩායම් 08 ක් සහ වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 13 ක් මෙලෙස සුදානමින් තබා ඇත.

හදිසි ගංවතුර තත්වයකදී සහන සැලසීම සඳහා බටහිර නාවික විධානය මඟින් රත්නපුර නව නගරයේ සහන කණ්ඩායම් 02 ක් ස්ථාන ගත කර ඇති අතර,ඊයේ (01) දින පස්වරුවේ බටහිර නාවික විධානය මඟින් තවත් සහන කණ්ඩායමක් රත්නපුර මුවගම ප්‍රදේශය වෙත යොමු කරන ලදි.

තවද, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පරිදි ස්ථානගත කිරිම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් මෙලෙස නාවික හමුදාව විසින් සූදානමින් තබා ඇත.

 

48 Navy teams remain standby to extend relief to people affected by inclement weather

Sri Lanka Navy has kept 48 relief teams standby as of the morning of 02nd August 2022, to provide relief to the people who would be vulnerable to flash floods, with possible rise of the water levels of rivers, due to heavy downpour reported in several parts of the island.

As per the directives of Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne, the Western, Southern and Northwestern Naval Commands have kept ready 27, 08 and 13 relief teams respectively for flood relief duties.

Meanwhile, the Navy deployed 02 flood relief teams in the New Town of Rathnapura and rushed another team to Muwagama in Rathnapura on the evening of 01st August 2022.

In addition, navy flood relief teams have been kept standby for prompt deployment, in close coordination with the Disaster Management Centre.

Leave a comment

Your email address will not be published. Required fields are marked *