යාපනය, අනලතිව් සහ කෝවිලන් ප්රදේශයන්ට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දොළොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට අද (23) ගැනීම සිදු කෙරිණි.
විදේශීය ධීවර යාත්රා මඟින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව මෙරට මුහුදු තීරයේ මුර සංචාර වැඩි කරමින් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබයි.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දොළොස් දෙනා (12) මේ වන විට කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.
තවද, විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්රජාවගේ ජීවනෝපායට සිදුවන බලපෑම සහ සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට සිදුවන හානිය මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබයි.
Navy seizes 02 poaching trawlers in northern waters
The Sri Lanka Navy conducted a special operation to chase away Indian poaching trawlers from Sri Lankan waters this morning (23rd March 2023). The operation led to the seizure of 02 Indian trawlers with 12 Indian nationals poaching in Sri Lankan waters off Analaitivu and Kovilan, Jaffna.
The Navy continues to conduct regular patrols and operations in Sri Lankan waters to curb illegal fishing practices of foreign fishing trawlers.
As an extension of these operations, the Northern Naval Command deployed Fast Attack Craft of the 04th Fast Attack Flotilla to chase away a cluster of Indian poaching trawlers, having spotted they were engaging in illegal fishing in Sri Lankan waters off Analaitivu and Kovilan. In this operation, the Navy held 02 Indian poaching trawlers with 12 Indian fishers continuing to remain in Sri Lankan waters.
The seized trawlers together with 12 Indian fishermen were brought to the Kankesanthurai harbour and they will be handed over to the Mailadi Fisheries Inspector for onward legal proceedings.
In this backdrop, the Sri Lanka Navy is conducting operations to stop illegal fishing by foreign fishermen in the island waters. The aim is to prevent harm to the marine environment and secure the livelihood of the local fishing community.