27 April 2024
#දේශීය

මාතලේ නගරයේ වෙළදැසල් පරික්ෂාවට

එළඹෙන උත්සවය සමයත් සමග මාත ලේ නගරයේ ඇති වෙළදසැල් හෝටල් පරික්ෂාවට ලක් කරන බව මාතලේ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය කියයි.

මාතලේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත මාදුවගේ මහතාගේ උපදෙස් පරිදි නාගරික සෞඛ්‍ය අංශයේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ මෙහෙයවි‍ිමෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මෙම කටයුතු සිදු කරනු ලබයි.

නාගරික කොමසාරිස් වරයා කියා සිටියේ උත්සවය සමග එළඹිත් සමග මාතලේ නගරයට පැමිණෙන ජනතාව වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව ද්‍රව්‍ය ලබා ගැනිම සහ සනිපාරක්ෂක පහසුකම් සැපයිම සහ විධිමත් රථවාහන සැලැස්මක් සකස් කරන බවද පැවසිය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *