• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය බුද්ධි අංශයෙන් දුන් නිවැරදි තොරතුරට අනුව නාවික හමුදාව මත්කුඩු කිලෝ 300 අල්ලයි

13 April 2022
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ගාල්ල, දොඩන්දූව මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300ක පමණ හා අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25ක පමණ තොගයක් රැගත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් සමඟ එම ජාවාරමට සම්බන්ධ ඩිංගි යාත්‍රාවක්, කැබ් රථයක් සහ ත්‍රී රෝද රථයක් සමඟ සැකකරුවන් 11  දෙනෙකු ඊයේ (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් නිවැරදි බුද්ධි තොරතුරු මත ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සති දෙකක කාලයක් පුරා දේශීය මුහුදු තීරය හා ජාත්‍යන්තර මුහුදු තීරය ආවරණය වන පරිදි අඛණ්ඩ සෝදිසි මෙහෙයුමක නිරත විය.

ඒ අනුව ඊයේ දින සවස කාලයේ ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා මඟින් ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු මෙරට බහු දින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කරන ලදී.

එහිදී එම බහු දින ධීවර යාත්‍රාවේ සුක්‍ෂම ලෙස සඟවා තිබූ උර 13 ක අසුරන ලද හෙරෝයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300 ක පමණ හා අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 25 ක පමණ තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.

එම මත් ද්‍රව්‍ය තොගය සමඟ බහු දින ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් හය දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. පසුව මෙම සිදු වීමට අදාළව සිදු කළ විමර්ශණ මඟින් මෙම ජාවාරමට සම්බන්ධ ඩිංගි යාත්‍රාවක්, කැබ් රථයක් සහ ත්‍රී රෝද රථයක් සමඟ තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් බහු දින ධීවර යාත්‍රාව පසුගිය මාර්තු මස 26 වන දින බේරුවල ධීවර වරායෙන් බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් පිටත්ව ගොස් ඇති අතර, ජාත්‍යන්තර මුහුදේ දී විදේශීය ජාවාරම් කරුවන් මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය බහු දින ධීවර යාත්‍රාව වෙත ලබා ගෙන මෙරටට ගෙන ඒමට සැකකරුවන් උත්සහ කරන්නට ඇතැයි සැක කෙරේ. එමෙන්ම, මෙම මෙහෙයුමේ දී නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 6200කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 23ත් 36ත් අතර වයසේ පසුවන හික්කඩුව, බූස්ස, කලවාන, බෙරිල්ලවත්ත සහ මොරගොඩ ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් 11 දෙනා පිළිබඳ ඉදිරි විමර්ශණ සහ මෙම මත්ද්‍රව්‍ය තොගයයේ වැඩි දුර ගණනය කිරීම් පිළිබඳ කටයුතු මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව සිදු කරමින් පවතී.

තවද, දේශයේ ප්‍රථම ආරක්‍ෂක වළල්ල ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ භුමිකාව නොපිරිහෙලා ඉටු කිරිමට රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු නීතිය බලාත්මක කිරීමේ ආයතනයන් සමඟ සම්බන්ධීකරණය වී ඉදිරියටත් මෙවැනි සාර්ථක මෙහෙයුම් අඛණ්ඩ‍ සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරනු ලබයි.

Post Views: 32
Previous Post

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය සහ දෝෂාභියෝගයට විපක්ෂනායක අත්සන් තබයි

Next Post

ඖෂධ හිඟයට කළමනාකරණයට සැලසුම් – සෞඛ්‍ය අමාත්‍යංශය

editor

editor

Next Post

ඖෂධ හිඟයට කළමනාකරණයට සැලසුම් - සෞඛ්‍ය අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved