27 April 2024
#දේශීය

ඖෂධ හිඟයට කළමනාකරණයට සැලසුම් – සෞඛ්‍ය අමාත්‍යංශය

රජයේ රෝහල්වල ඇතැම් ඖෂධ හා උපකරණ හිඟයක් පවතින බවත් ගැටළුව කළමනාකරණය කොට අඛණ්ඩ ඖෂධ සැපයුමක් සහතික කරන සැලසුම් සකසා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේ විදේශ විනිමය දුෂ්කරතා නිසා නිසි කලට ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වූයෙන් ඇතැම් ඖෂධ හිඟවි ඇති අතර ඊට පිළියම් ක්‍රියාමාර්ග කීපයක් හඳුනාගෙන දැන් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බවයි.

එසේම ඉන්දීය සහන ණය පහසුකම යටතේ ණයවර ලිපි විවෘත කොට ඖෂධ හා උපකරණ ඇණවුම් කිරීම ඉන් එකක් බවත් දෙවනුව ඖෂධ මිලට ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10ක අරමුදල් ලැබී තිබෙන බව අතර අරමුදල් හෝ ඖෂධ සපයා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව සමග අමාත්‍යංශය සාකච්ඡා කරමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හිඟ ඖෂධ හෝ ඖෂධ මිලදී ගැනීමට මුදල් හෝ පරිත්‍යාග කරන මෙන් විදේශීය ආයතන වෙත, විදේශී‍ය සහ එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙත ආයාචනයක් කර තිබෙන අතර දැනටමත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි අමාත්‍යංශය පැවසිය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *