ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව පසුගිය 05 වන දින ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකින් හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 240කට ආසන්න තොගයක් සමඟ විදේශීය සැකකරුවන් 07දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සහය ඇතිව ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ සති තුනකට (03) ආසන්න කාලයක් ආවේක්ෂණය කරමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
එහිදී, ගොඩබිම සිට නාවික සැතපුම් 630 ක පමණ (කිලෝ මීටර 1166ක් පමණ) දුරින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරමින් තිබූ ධජ හිමි රාජ්‍ය අනාවරණය නොකළ සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාවක් ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව මඟින් නිරීක්ෂණය කරයි.
එම සයුරළ නෞකාව මඟින් මෙම සැකකටයුතු යාත්‍රාව පරික්ෂා කිරිම සඳහා නැවැත්වීමට අණකළ ද එම අණනොතකා යාත්‍රාව පලා යාමට උත්සහ කිරීමේ දී එම සැකකටයුතු යාත්‍රාවේ ඉදිරි ගමන් මාර්ගය ඉලක්ක කරමින් සයුරළ නෞකාව මඟින් අවවාදාත්මක වෙඩි තැබීමක් සිදු කරන ලදී.
ඒ සඳහා ද ප්‍රතිචාර නොදක්වා පරික්ෂා කිරිමට ප්‍රතිරෝධය පාමින් හා අනතුරුදායක ලෙස යාත්‍රාව හසුරවමින් තව දුරටත් පලා යාමට උත්සහ කළ සැකකටයුතු යාත්‍රාව සයුරළ නෞකාව මඟින් හඹා ගොස් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ අතර, එම මෙහෙයුමේදී පරික්ෂා කිරීම මගහැර පලා යාම සඳහා ඉතා අනතුරුදායකව යාත්‍රාව හසුරවමින් ආවේගශීලී ලෙස හැසිරීම හේතුවෙන් සැකකටයුතු යාත්‍රාව සයුරළ නෞකාවේ ගැටී එම යාත්‍රාවේ බඳ කොටසට අලාභහානි විය.
අනතුරුව, එම යාත්‍රාවට ගොඩ වී නාවික හමුදාව විසින් සිදු කළ පරික්ෂාවේදි එහි සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ උර 08ක් තුළ පාර්සල් 220ක අසුරන ලද හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 240කට ආසන්න ප්‍රමාණයක් සමඟ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනෙකු සහ එම යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ අතර, අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය වර්ගය හා ප්‍රමාණය පිළිබඳ නිවැරදි තොරතුරු මෙම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමට රැගෙන ඒමෙන් පසු සිදු කරනු ලබන පරික්ෂා කිරීම් මඟින් තහවුරු කර ගැනීමට නියමිතව ඇත.
නාවික හමුදා භාරයටගත් යාත්‍රාව ගොඩබිමට රැගෙන එමින් සිටින අතරතුර, එම යාත්‍රාවට සිදුව තිබූ අලාභහානිය හේතුවෙන් එතුලට ජලය කාන්දු වී, 2022 මැයි මස 07 වන දින එම යාත්‍රාව මුහුදුබත් වූ අතර, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා නිරුපද්‍රිතව සයුරළ නෞකාව මඟින් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවති.
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් බහුදින ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදවනු ලබන ධිවර යාත්‍රාවන් වෙත ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය හුවමාරු කර ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා මෙම මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදේ ස්ථානගතකර තැබීමට ජාවාරම් කරුවන් විසින් සැළසුම්කරන්නට ඇතැයි සැකකරන අතර, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 4800කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද විදේශ ජාතික සැකකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති අතර, මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සහ ඉදිරි නීතිමය කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කිරීමට නියමිතය.
තවද, පසු ගිය 2022 අප්‍රේල් මස 12 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ මෙවැනිම වූ විශේෂ මෙහෙයුමකදී, මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 330 ග්‍රෑම් 532 ක පමණ තොගයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 818 පමණ තොගයක් රැගත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් සමඟ එම ජාවාරමට සම්බන්ධ ඩිංගි යාත්‍රාවක්, කැබ් රථයක්, ත්‍රී රෝද රථයක් සහ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන ලදී.
Navy seizes narcotics suspected to be heroin valued over Rs. 4800 million in international waters
A successful operation led by Sri Lanka Navy in coordination with the Police Narcotics Bureau in international waters south of Sri Lanka, led to the seizure of about 240kg of narcotics suspected to be heroin and apprehension of 07 foreign nationals, on 05th May 2022.
Based on information received by the Sri Lanka Navy, the coordinated operation was carried out by the Offshore Patrol Vessel SLNS Sayurala by surveillance nearly three (03) weeks in international waters. In this special operation SLNS Sayurala detected a suspicious stateless foreign fishing vessel about 630 nautical miles (1166km) off the southern coast.
Upon detection of the suspicious vessel, SLNS Sayurala has asked the foreign vessel to halt for searching. However, since the suspicious vessel tried to escape from the scene, SLNS Sayurala fired warning shots targeting across the bows of the suspicious vessel. As the vessel continued to escape, disregarding warnings, with aggressive manoeuvres while resisting the search, the SLN unit chased after it and intercepted the vessel. Due to the aggressive manoeuvres of the suspicious vessel, it collided with SLNS Sayurala, inflicting damage to the hull of the foreign vessel. Subsequently, the Navy boarded the vessel and seized about 240kg of narcotics suspected to be heroin with 07 foreign nationals aboard and the vessel being used for this smuggling act. The narcotic substance was found in 220 packages which were stuffed in 08 sacks. Exact information on the type and quantity of narcotics seized will be verified after the consignment is brought ashore.
Due to the damage caused to the apprehended vessel, water spurt inside and the vessel sank on 07th May 2022, in the process it being brought ashore. Meanwhile, SLNS Sayurala is carrying the stock of narcotics and 07 foreign nationals ashore.
It is suspected that this foreign fishing vessel carrying the narcotics was supposed to be stationed by smugglers in international waters to get narcotics transferred and fetch them into the country, under the guise of a vessel engaging in multi-day fishing activities. Meanwhile, the gross street value of the heroin seized during the operation is believed to be over Rs.4800 million.
The identity of the apprehended foreign nationals has not yet been confirmed. Onward investigations and legal proceedings into the incident will be carried out by the Navy and Police Narcotic Bureau.
In a similar operation mounted by the Navy in coordination with Sri Lanka Coast Guard, State Intelligence Service and Police Narcotics Bureau a local multi-day fishing vessel carrying about 330kg and 532g of smuggled heroin and about 09kg and 818g of Crystal Methamphetamine (Ice) was apprehended in seas off Dodanduwa, Galle on 12th April 2022. Further, 11 suspects with a dingy, a cab and a three-wheeler in connection to this smuggling of narcotics were also held and handed over for legal action.