• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරා ගැනේ

6 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මධ්‍යම පළාත් සභාව යටතේ පැවති නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම අද (6) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා විසින් එයට අදාළ ලිපිගොනුව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ලබා දීම සිදු විය.

වතුකරයේ ජනතාවගේ ප්‍රධානතම රෝහලක් ලෙසින් සැලකෙන මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම තුළින් එම ජනතාව ඇතුළු අනෙකුත් පිරිස් උදෙසා වඩාත් ඵලදායී සේවාවක් එමගින් සැපයීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසිය.

විශේෂයෙන් මේ වන විට රජය මෙරට සෞඛ්‍ය පද්ධතිය උදෙසා විශාල මුදලක් වැය කරමින් සිටින බවත් එය රටේ ජනතාවගේ නිරෝගී පැවැත්ම මෙන්ම සුරක්ෂිතතාවය උදෙසා රජය මගින් ගනු ලබන ඉහළම සාධනීය පියවරක් බවත් ඒ මහතා කියා සිටියේය.

මහනුවර , පේරාදෙණිය යන රෝහල් වල සංවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවත් ඊට මධ්‍යම රජයට පවරා ගැනුණු නාවලපිටිය රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතුද එයට සමගාමීව කඩිනම් කරන බවත් ඉන් පළාතේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කටයුතු කරන බවත්සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

1886 මධ්‍යම බෙහෙත් ශාලාව ලෙස ආරම්භ කෙරුණු නාවලපිටිය රෝහල 1977 දී මූලික රෝහලක් බවට පත්ව ඇත. අනතුරුව 2004 වසරේදීී එය දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත් කෙරිණි. ලක්ෂ 5 ක පමණ පිරිසක් ඉලක්ක කර ප්‍රතිකාර කෙරෙන මෙම රෝහල තුළින් ලක්ෂ තුන හමාරක පමණ වතුකරයේ ජනතාවක් ප්‍රතිකාර ලබා ගැනේ. දැඩි සත්කාර ඒකකයක් , නොමේරූ ළදරු ඒකකයක්, ශල්‍යාගාර හා හදිසි ප්‍රතිකාර ඒකකයකින් සමන්විත මෙම රෝහලේ රෝගී ඇඳන් 450 ක් සඳහා පහසුකම් මේ වන විට සලසා ඇත.

මධ්‍යම රජයට රෝහල පවරා ගැනීම තුළින් එම රෝහලේ මානව හා භෞතික සම්පත් ඉහළ නංවමින් අනෙකුත් රෝහල්හි තදබදය අවම කිරීමට හැකිවනු ඇතැයි මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා කීය.ඒ අනුව මහනුවර, පේරාදෙණිය,නුවරඑළිය,දික්ඔය, හැටන්,ගම්පොළ ඇතුළු රෝහල්වල තදබදය මින් අවම කිරීමට හැකිවනු ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.එච්.එම්.ජයවික්‍රම , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් , මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය යන මහත්වරුන්ද සහභාගි විය.

Post Views: 1
Previous Post

පිළිකා රෝගයෙන් හිසකෙස් අහිමි වූ වෙනුවෙන් ස්වභාවික හිසකෙස් පළදනා පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියක්

Next Post

කොවිඩ් වලට සීමා වූ දරුවන්ගේ අධ්‍යාපනය, නැවත ප්‍රකෘතිමත් කිරීමේ හදවත ගුරුවරුන් බව අගමැති කියයි

editor

editor

Next Post

කොවිඩ් වලට සීමා වූ දරුවන්ගේ අධ්‍යාපනය, නැවත ප්‍රකෘතිමත් කිරීමේ හදවත ගුරුවරුන් බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved