ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය විසින් සිය සමීපතම මිතුරා ලෙස සැලකෙන ඊශ්‍රායලයට එරෙහිව එරට ඉතිහාසයේ කිසිදා නොවූ විරූ අන්දමේ අතිශය බරපතළ සහ සංවේදී ආරක්ෂක තීරණයක් ගෙන ඇති බව ප්‍රමුඛතම NBC පුවත් සේවය විසින් නිල වශයෙන් අනාවරණය කර තිබේ. ඇමරිකාවේ ඉහළම රාජ්‍ය නිලධාරීන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම කණ්ඩායම ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් අතිශය ආක්‍රමණශීලී ලෙස ඔත්තු බැලීමේ මෙහෙයුම් (Aggressively spying) දියත් කිරීම හේතුවෙන්, පෙන්ටගනය විසින් ඊශ්‍රායලයේ ප්‍රති-ඔත්තු බැලීමේ තර්ජන මට්ටම (Counterintelligence threat level) “අතිශය භයානක” (Critical) මට්ටම දක්වා ඉහළ දමා ඇත.
ඇමරිකානු ආරක්ෂක බුද්ධි ඒජන්සිය (DIA) විසින් මෑත සති කිහිපය තුළ නිකුත් කරන ලද රහසිගත තක්සේරු වාර්තාවලට අනුව, ඉරානය සහ ලෙබනනය සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය ගන්නා අභ්‍යන්තර තීරණ, සැලසුම් සහ සාකච්ඡා පිළිබඳ තොරතුරු සොරකම් කිරීමට ඊශ්‍රායලය මෙම සුවිශේෂී ඔත්තු බැලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. මෙම තත්ත්වය හමුවේ ඇමරිකානු නිලධාරීන් ඊශ්‍රායලයේ සංචාරය කිරීමේදී තාවකාලික දුරකථන (Burner phones) භාවිතා කිරීමට සහ හෝටල් කාමර තුළ රහසිගත සාකච්ඡා පැවැත්වීමෙන් වැළකී සිටීමට පවා පියවර ගෙන ඇති අතර, උපායමාර්ගික අධ්‍යයන කේන්ද්‍රයේ (CSIS) විශේෂඥයන් ඊශ්‍රායලයේ මෙම ක්‍රියාව “අතිශය දරුණු ආක්‍රමණශීලී” (Hyper-aggressive) හැසිරීමක් ලෙස හඳුන්වා දී ඇත.
වඩාත්ම පුදුමයට කරුණ වන්නේ, පෙන්ටගනය විසින් ඊශ්‍රායලය සතුරු රාජ්‍යයන් පසුවන ඉහළම ආරක්ෂක තර්ජන කාණ්ඩයට ඇතුළත් කර තිබියදීත්, ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය විසින් ඊශ්‍රායලයට ඇමරිකාවේ ආරක්ෂක පද්ධති සහ දත්ත (Section 224) සඳහා පෙරට වඩා ගැඹුරු ප්‍රවේශයක් ලබාදීමට කටයුතු කරමින් සිටීමයි. ජනාධිපති ට්‍රම්ප් විසින් පසුගියදා ඊශ්‍රායල අගමැති නෙදන්යාහුට දුරකථනයෙන් දැඩි ලෙස බැණ වැදීමේ පුවත සහ මෙම ඔත්තු බැලීමේ සිදුවීම එකිනෙකට බද්ධ වී පවතින අතර, වොෂින්ටනය සහ ටෙල් අවිව් අතර පවතින සැබෑ දේශපාලන සබඳතාවය කුමක්ද යන්න පිළිබඳව මේ වන විට සමස්ත ඇමරිකානු මහජනතාව තුළ දැඩි ප්‍රශ්නාර්ථයක් මතු වී තිබේ.
















