කොවිඩ්-19 වෛරසයේ නවතම ප්‍රභේදයක් ලෙස ‘සිකාඩා’ (Cicada) නම් ප්‍රභේදය ලොව කලාප කිහිපයකින් හඳුනාගෙන ඇති බව ඉන්දුනීසියානු සහ ඉන්දියානු පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. මෙම ප්‍රභේදය ඔමික්‍රෝන් (Omicron) අනු ප්‍රභේදයකින් විකාශනය වී ඇති බවත්, එහි ස්පයික් ප්‍රෝටීන (Spike Protein) තුළ අතිරේක විකෘතිතා කිහිපයක් පවතින බවත් විද්‍යාඥයින් අනාවරණය කරගෙන තිබේ. කෙසේ වෙතත්, දැනට පවතින දත්තයන්ට අනුව ඩෙල්ටා (Delta) හෝ ඔමික්‍රෝන් වැනි පෙර ප්‍රභේදයන්ට වඩා මෙය භයානක බවට මෙතෙක් සාක්ෂි හමුවී නොමැති බව විද්‍යාඥයින් පවසයි.
පර්යේෂකයින් සඳහන් කරන්නේ මෙම ප්‍රභේදයේ සම්ප්‍රේෂණ වේගය සහ ලක්ෂණ පිළිබඳව තවදුරටත් සමීපව නිරීක්ෂණය කරන බවයි. ලොව පුරා සෞඛ්‍ය අංශ මෙම නව ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සූදානම්ව සිටින අතර, සාමාන්‍ය සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමේ වැදගත්කම යළිත් අවධාරණය කෙරේ. මෙරට තුළ මෙතෙක් මෙම ප්‍රභේදය වාර්තා වී














