• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙස් විදෙස් ගුවන් මගීන්ට ලබන 01 දා සිට නව මාර්ගෝපදේශ – සෞඛ්‍ය අමාත්‍යංශය

28 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එළඹෙන පළමුවෙනිදා සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ දේශීය හා විදේශීය ගුවන් මගීන්, ගුවන්ගත වන විට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් මෙරටදී යළි පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය නොකර ඔවුන් ගුවන්තොටුපළේදී සමාජගත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී අද (28) සවස පැවති තාක්ෂණික කමිටුවේදී තීරණය කෙරිණි.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමක් මත මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර ඒ සඳහා සෞඛ්‍ය හා සංචාරක අමාත්‍යාංශයන්හි ඉහළ නිලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු විවිධ සංවිධාන වල නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියහ.

පූර්ණ එන්නත්කරණය නොවූ විදේශිකයින්ට , විදෙස් සංචාරකයින්ට ජෛව බුබුළක් ලෙස සිය හෝටලය වෙත යාමට අවස්ථාව ලබා දෙන බවත් එහිදීද පී.සී.ආර්. පරීක්ෂණයක් කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

එහෙත් ශ්‍රී ලාංකිකයන්ට ගුවන්තොටුපළේදී හෝ රැඳී සිටින හෝටලයේදී පී.සී.ආර්. පරීක්ෂණය කිරීමෙන් පසු එහි ප්‍රතිඵල මගින් ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුන් නිවෙස් කරා යොමු කිරීමට හැකියාව පවතින බවත්, එහිදී 12 වන දිනයේදී නැවත වරක් කරන පී.සී.ආර්. පරීක්ෂණයකින්ද ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුනට සමාජගත වීමේ හැකියාවක් පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

නිවෙස් නිරෝධායනය සඳහා පහසුකම් නොමැති පිරිස් සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා හෝටලයකදී දින 14 ක් නිරෝධායනය වී ඔවුනට සමාජගත වීමේ හැකියාවක් ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛණයක් නිකුත් කිරීමට නියමිත අතර එය ඔක්තෝම්බර් 01 දා සිට බලාත්මක කෙරේ.

මේ වන විට මෙරටට පැමිණෙන ගුවන් මගීන් පැය 72 ට පෙර පී.සී.ආර්. පරීක්ෂණයකට අනිවාර්යයෙන්ම යොමු වියයුතු අතර , එම පරීක්ෂණ ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් පමණක් ඔවුනට ගුවන්ගත වීමට අවස්ථාව හිමි වේ. පූර්ණ එන්නත්කරණයට ලක් වූ ගුවන් මගීන් පමණක් ඉන් සති දෙකකට පසු මෙරටට පැමිණෙන්නේ නම් ඔවුන් නැවත මෙරටදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එහි ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් පමණක් සමාජගත කරනු ලැබේ.

ව්‍යසන තත්ත්වයන් තුළ ජනතාවගේ රැකවරණය අන් සියල්ලටම වඩා වැදගත් බවත් කුමන බාධාවකටත් වඩා පුරවැසියාගේ ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය පද්ධතිය ඉන් එහා තත්ත්වයක් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.

මෙනිසා යම් යම් නීති රීති හා කොන්දේසි ගණනාවක් මත සිට කටයුතු කෙරුණු බවද එහෙත් වත්මන් තත්ත්වයන් නැවත සමීක්ෂණයට ලක්කෙරෙමින් සෞඛ්‍ය ප්‍රධානීන් විසින් ගනු ලැබූ තීන්දු එක් කර තීරණ ගණනාවක් ගැණුනු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.රට යම් යම් සීමාවන් තුළ සිට ක්‍රමානුකූලව විවෘත කිරීම

අත්‍යවශ්‍ය සාධකයක් වන බවද හෙතෙම පෙන්වා දුන්නේය. මෙරටට විදේශ විනිමය ලබා දෙන ප්‍රමුඛතම ක්ෂේත්‍රයක් ලෙස වාර්ෂිකව ඩොලර් මිලියන 4.5 ක් ලබා දෙන සංචාරක ක්ෂේත්‍රයට නීතියේ රාමුව හා සෞඛ්‍ය අංශ වල උපදෙස් මත පුරවැසි ආරක්ෂාව තහවුරු කරමින් ලබාදිය හැකි අවස්ථාවන් නිසි ලෙසින් ලබා දෙන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

කොවිඩ් ව්‍යසනය මත ගනු ලබන තීන්දු තීරණ සංචාරක ක්ෂේත්‍රයට පමණක් නොව මෙරට ආර්ථිකයටද වැදගත් වන බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා මෙහිදී කීය.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය කුමාරි වීරසේකර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ,ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ආචාර්ය ධම්මික අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

 

Post Views: 1
Previous Post

දුම්රියෙන් තෙල් ප්‍රවාහනය 38% සිට 60% දක්වා වැඩිකිරීමට පියවර – ප්‍රවාහන අමාත්‍යංශය

Next Post

සහල් ගැසට් පත්‍රය අවලංගු කෙරේ …. ඩඩ්ලිලා කිව්ව ගණන් සාධාරණ නෑ – රාජ්‍ය ඇමැති ලසන්ත

editor

editor

Next Post

සහල් ගැසට් පත්‍රය අවලංගු කෙරේ .... ඩඩ්ලිලා කිව්ව ගණන් සාධාරණ නෑ - රාජ්‍ය ඇමැති ලසන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved